Local News

T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය මෙන්න

එළඹෙන විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කළේය. එම සංචිතය පහතින්, වනිදු හසරංග (නායක)චරිත් අසලංක (උපනායක)කුසල් මෙන්ඩිස්පැතුම් නිස්සංකසදීර සමරවික්‍රමඇන්ජලෝ මැතිව්ස්කමිදු මෙන්ඩිස්දසුන් ශාකකධනංජය ද සිල්වාමහීෂ් තීක්ෂණදුනිත් වෙල්ලාලගේදුෂ්මන්ත චමීරනුවන් තුෂාරමතීෂ පතිරණඩිල්ෂාන් මදුශංක කණ්ඩායම සමග එක්වීමට නියමිත අතිරේක සංචිතය වන්නේ, අසිත ප්‍රනාන්දුවිජයකාන්ත් වියස්කාන්ත්භානුක රාජපක්ෂජනිත් ලියනගේ

අපද්‍රව්‍ය තුළින් ආදායම් උපයා ගන්න අලුත් වැඩක්

කර්මාන්ත අමාත්‍යාංශය සහ ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථානය එක්ව සංවිධානය කරනු ලබන දේශීය ව්‍යාපාර සඳහා සම්පත් කාර්යක්ෂම පිවිතුරු නිෂ්පාදන ( RECP )ඇගයීම සහ ධාරිතා ගොඩනැංවීමේ වැඩසටහන සඳහා තෝරාගත් ව්‍යවසායකයන් 30 දෙනෙකු සමග ගිවිසුම් ගත වීම  කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් ශාන්ත වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කර්මාන්ත අමාත්‍යංශයේදී සිදුකෙරිණි. මෙම වැඩසටහනෙහි අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ තෝරාගත් කර්මාන්ත වල සම්පත් කාර්යක්ෂමතාව Read More

එවරස්ට් තරණයට ගිය විශ්වවිද්‍යාල සිසු කණ්ඩායම අද මෙරටට

එවරස්ට් කදු තරණයට එක් වෙමින් මෙතෙක් ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය කණ්ඩායමක් ලගා වූ ඉහළම උන්නතාංශය වන මීටර් 6189 ක උසක් සාර්ථකව තරණය කළ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ගවේශකයින් කණ්ඩායම අද (10) දිවයිනට පැමිණීමට නියමිතව ඇත. ඒ අනුව ඔවුන් ප.ව.4.00ට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් මෙරටට පැමිණීමට නියමිතයි.

අධික උණුසුමෙන් යාපනයේ 4 දෙනෙකු ජීවිතක්ෂයට

අධික රස්නයත් සමග ඇති වූ සංකූලතා නිසා යාපනය ප්‍රදේශයේ පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බවරෝහලේ විශේෂඥ වෛද්‍ය පී.නන්දරාජා ප්‍රකාශ කරයි. පසුගිය දින කිහිපයේ යාපනය දිස්ත්‍රක්කයේ ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 දක්වා ඉහළ ගොස් තිබුණි.ඔවුන් 4 දෙනාම යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්වූ බවයි ඒ මහතා සඳහන් කරයි. මියගිය හතරදෙනාම වැඩිහිටියන් Read More

දකුණු ආසියානු ගුවන් සමුළුවේ මුල් පුටුව සාගර කොටකදෙණියට

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කරන විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සාගර කොටකදෙණිය මහතා භූතානයේ පාරෝ නුවර පැවති 31 වැනි දකුණු ආසියානු කළාපයේ රටවල ගුවන් නිරුපද්‍රිතතාව වර්ධනය කිරීම උදෙසා ( Cooperative Development of Operational Safety and Countinuing Airworthiness Program ) පිහිටුවා ගෙන ඇති සංවිධානයේ ඉදිරි දෙවසරක Read More

රාජ්‍ය සේවකයින්ගේ නිවාඩු අනුමත කිරීම ගැන නව චක්‍රලේඛයක්

කොවිඩ් -19 වසංගත සමය තුළ විදේශගතව සිට පැවති තත්ත්වය හමුවේ නැවත සේවයට වාර්තා කිරීමට අපොහොසත් වූ රාජ්‍ය නිලධාරීන්ගේ නිවාඩු අනුමත කිරීම සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇති බව වාර්තා වේ. කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් විදෙස්ගතව සිට නියමිත දිනයට Read More

“අපායට වැටුණු රට ගොඩගන්න පුළුවන්” – ජනාධිපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

මෙම වසරේ ආර්ථික වර්ධනය සියයට 3%ක් පමණ වනු ඇතැයි අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අද (09) උදෑසන හදිසියේ පාර්ලිමේන්තුවට පැමිණි ජනාධිපතිවරයා එහිදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මේ බව කියා සිටියේය. ආර්ථික වර්ධනය පිළිබඳව විවිධ දේශීය සහ විදේශීය ,මුල්‍ය ආයතන ද ඒ හා සමාන පුරෝකථන ඉදිරිපත්කර ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. මේ වන විට Read More

රුපියල් ලක්ෂ 15 ක් වටිනා නීතිවිරෝධී දුම්වැටි තොගයක් අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 15 ක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන එමින් සිටියදී පුද්ගලයන් දෙදෙනෙකු සමග කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අනවසර දැව ජාවාරමක නිරත වූ පුද්ගලයන් පස් දෙනකු අත්අඩංගුවට

කිළිනොච්චියේ කල්මඩු රක්ෂිත වනය විනාශ කරමින් අනවසර දැව ජාවාරමක නිරත වූ පුද්ගලයන් පස් දෙනකු කිළිනොච්චිය රාමනාතපුරම් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම සැකකරුවන් සමඟ දැව පටවන ලද ට්‍රැක්ටර් දෙකක් ද පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුණු අතර, දැව කැපීම සඳහා භාවිත කළ උපකරණ තොගයක් ද පොලිස් භාරයට ගෙන ඇත. කාලාන්තරයක් තිස්සේ දැව හොරුන් කල්මඩු රක්ෂිත වනය විනාශ Read More

චීනයේ අන්තර්ජාල පාලනයට දැඩි නීති

සංවේදී දර්ශන සහ ප්‍රකාශ මුදා හැරීම වැළැක්වීමේ අරමුණ ඇතිව චීනයේ සමාජ මාධ්‍යජාලා පාලනයට එරට රජය පනවා ඇති නීතිරෙගුලාසි ඊයේ සිට දැඩි කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. චීනයේ ක්‍රියාත්මක වන ටෙන්සෙන්ට්, බයිට්ඩාන්සර් සහ වයිබෝ සමාජ මාධ්‍යජාලා සඳහා එම නීති ක්‍රියාත්මක වනු ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. කෙසේ වුවද අදාළ සමාජ මාධ්‍යජාලයේ පරිශීලකයන් විසින් Read More

t

o

p