Special News

විභාග ශාලාධිපති ඉවත් කරයි…

උසස් පෙළ විභාගය ඇරැඹෙන දිනයේම සංයුක්ත ගණිතය ප්‍රශ්න පත්‍රය පැයක් ප්‍රමාද වී ලබා දුන් බව කියන හේනේගම මධ්‍ය විද්‍යාලයයේ විභාග ශාලාධිපති අද විභාගය අවසන් වූ වහාම ඉවත් කිරීමට නියමිතයි. විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිම්.එම්.එන්. ජේ පුෂ්පකුමාර පවසා ඇත්තේ ශාලාධිපති රාජකාරියට වාර්තා කිරීමට ප්‍රමාද වී තිබුණු නිසා බවයි. කෙසේ වෙතත් 11.30ට අවසන් වීමට නියමිත විභාගය එම සිසුන්ට අසාධාරණයක් නොවන පරිදි Read More

ආයෙ එන්නේ යන්න නෙවෙයි අරගෙනම යන්න

ඊළඟ පාර ජනතාව සමග පැමිණෙන්නේ යන්න නොව අරගෙන යන්න බව හිටපු ජනාධිපති,පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසයි. මෙවර ක්‍රියාත්මක වූයේ ඒ සඳහා වන පෙරහුරුවක් පමණක් බව රාජපක්ෂ මහතා කියා සිටියේ අද(01)ජනසටන පාදයාත්‍රාව පැමිණ කොළඹ ලිප්ටන් වටරවුමේදී රැස්වූ ජනතාව ආමන්ත්‍රණය කරමිනි. ආණ්ඩුවක් ලබාගන්නේ කෙසේද, ඒ සඳහා අරගල කරන්නේ කෙසේද,විපක්ෂයේ සිට උපාය උපක්‍රම තෝරන්නේ කෙසේද යන්න මෙමගින් Read More

අපොස උ/පෙ අද ඇරඹෙයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (02) ආරම්භ වෙයි. මධ්‍යස්ථාන 2204කදී විභාගය පැවැත්වෙන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය. අයදුම්කරුවන් තුන් ලක්ෂ 15,605 දෙනෙක් විභාගය සඳහා පෙනී සිටින අතර ඉන් සිසුන් දෙලක්ෂ 40,991 දෙනෙකු පාසල් අයදුම්කරුවන් වෙයි. විභාගය පෙරවරු 08.30ට ආරම්භ වෙයි. විභාග ප්‍රවේශ පත්‍රය, ජාතික හැදුණුම්පත හෝ වලංගු විදේශ ගමන් බලපත්‍රය Read More

ශ්‍රී.ල.නී.ප යේ විනය කඩන අයට විනය පියවර ගන්නවා – දුමින්ද දිසානායක

ඇතැම් මන්ත්‍රීවරුන්ට පා ගමන් යාමට ස්වාධීන අයිතියක් තිබුණද පක්ෂයේ විනය කඩ කරන උදවියට එරෙහිව පරීක්ෂණ පැවැත්වීමේ ස්වාධීන අයිතියක් ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇතැයි එම පක්ෂයේ මහ ලේකම් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය. ඇතැම් පිරිස් පා ගමනේ යාමට කටයුතු කරමින් සිටින අතර ඔවුන්ට ඒ සදහා අයිතියක් ඇති නමුත් එම පාගමන තමන් අනුමත නොකරන බව Read More

පාද යාත්‍රාව අවසන් කරන්න ජනපති – අගමැති මැදිහත්වේ

ජන සටන පාද යාත‍්‍රාවේ නිමාව සනිටුහන් කරමින් ජන රැලිය පැවැත්වීමට එ්කාබද්ධ විපක්‍ෂයට බොරැල්ල කැම්බල් පිටිය අද (01) සවස ලබා දී ඇත්තේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ මැදිහත්වීමෙන් බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි. හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද රාජපක්‍ෂ මහා විසින් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් අද දහවල් කළ ඉල්ලීමකට අනුව කැම්බල් Read More

දුෂණ හොයන්න එපා පොලිස් රෝහලේ වෛද්‍යවරු ‍වර්ජනයේ

ශ‍්‍රී ලංකා පොලිස් රෝහල තුළ සිදුව ඇති දුෂණ වංචා සහ අක‍්‍රමිකතා සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේතුව විසින් කරනු ලබන පරීක්‍ෂණයට එරෙහිව පොලිස් රෝහලේ වෛද්‍යවරු කණ්ඩායමක් පසුගිය 30 දා වැඩ වර්ජනයක නිරතව සිට ඇතැයි පොලිස් ආරංචි මාර්ග අනාවරණය කළේය. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් කරනු ලබන විමර්ශන වැරදි ආකාරයට සිදුවන බවට චෝදනා කරමින් එම විමර්ශනයන්ට එරෙහිව එම වැඩවර්ජනය Read More

අමාත්‍යාංශ සඳහා නව ලේකම්වරු

අමාත්‍යාංශ තුනක් සඳහා නව ලේකම්වරු තිදෙනෙක් අද (1) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා අතින් සිය පත්වීම් ලිපි ලබා ගත්හ. විදේශ අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ඇසළ වීරකෝන් මහතා ද රාජ්‍ය පරිපාලන හා කළමණාකරන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස  ජේ.ජේ. රත්නසිරි මහතා ද තැපැල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ඩී.ජී.එම්.වී. හපුආරච්චි මහතා ද එසේ පත්වීම් ලැබූහ. Read More

බැසිල් යළි රිමාන්ඩ් – ඇප අයදුම ලබන 08 දා

හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතාව ලබන 8 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා විසින් අද (1) නියෝග කළේය. පසුගිය ජනපතිවරණ සමයේ රජයේ මුදල් වැය කර රුපියල් තුන් කෝටි හැටතුන් ලක්ෂයක ජී . අයි පයිප්ප ඡන්ද වැඩට යොදා ගැනීම හා ඉන්පසු පළාත් පාලන ආයතනවලට බෙදා දීම ඔහුට එරෙහිව Read More

අතුරුදන්වූවන්ගේ කාර්යාලය පිළිබඳව මහින්දගේ ප‍්‍රකාශයට පිළිතුරක්

අතුරුදන්වූවන්ගේ කාර්යාලය පිළිබඳව මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රකාශයට පිළිතුරක් ලබාදෙමින් විදේශ කටයුතු අමත්‍ය මංගල සමරවීර මහතා ප්‍ර‍කාශයක් නිකුත් කර තිබේ. එම සම්පූර්ණ ප්‍ර‍කාශය පහත සඳහන් පරිදි වේ. “මහින්ද රාජපක්ෂ මහතා විසින් පත් කරන ලද උගත් පාඩම් පිළිබඳ කොමිසම හා පරණගම කොමිසම වෙත උතුරේ හා දකුණේ ගැටුම් නිසා අතුරුදන්වූ දස දහස් ගණනක් පවුල් පැමිණිළි ඉදිරිපත් කරන ලදී.යුද්ධය හමාරව Read More

t

o

p