Special News

අගමැති රනිල් හෙට චීනෙට යයි

අගමැති රනිල් වික්‍රමසිංහ සෙනසුරාදා (13) සිට (17) දක්වා චීනයේ පස්දින නිල සංචාරයක යෙදීමට නියමිතය. අනුර ප්‍රියදර්ශන යාපා, පාඨලී චම්පික රණවක යන ඇමැතිවරුන්ද ඊට එක්වීමට නියමිතය.  

සුසන්තිකාට ක්‍රීඩා අමාත්‍යංශයේ තනතුරක්

ඔලිම්පික් රිදී පදක්කම්ලාභී  සුසන්තිකා ජයසිංහ මහත්මිය ජාත්‍යන්තර තරඟ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගැනීමේ හා පුහුණු කිරීම් පිළිබඳ උපදේශක තනතුරට පත්කිරීමට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පියවර ගෙන ඇත‍. පත්වීම ප්‍රදානය සඳහා ක්‍රීඩා අමාත්‍යංශයේ අතිරේක ලේකම්සෝමරත්න විදානපතිරණ සහ සහකාර ලේකම් එම්. එම්. විජයසේන යන මහත්වරුන් සහභාගී විය.

අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාල පනත ඡන්දයකින් තොරව සම්මතයි

අතුරුදන් වූවන් පිළිබඳ කාර්යයාලය පිහිටවීමේ පනත සංශෝධන සහිතව ඊයේ (11) පස්වරු 2.30 ට ඡන්දයකින් තොරව සම්මත විය. මෙම පනත හදිසියේ නොගෙන ආ යුතු බව මෙන්ම ඒ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කළ යුතු බවටත් යෝජනා කරමින් ඒකාබද්ධ විපක්ෂය පනතට එරෙහිව දැඩි විරෝධයපෑම හේතුවෙන් පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් හටගෙන තිබුණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වැනි සංවත්සරයට මහින්දට ආරාධනා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වැනි සංවත්සරය සැප්තැම්බර් 04 වැනිදා කුරුණෑගලදී පැවැත්වෙන බවත්, මේ සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහ ඒකාබද්ධ විපක්ෂයේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන්ට ආරාධනා කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උපසභාපති අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න මහතා අද (11දා) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී පවසා සිටියේය.

තවත් බලාපොරොත්තුවක් බිඳවැටේ

රියෝ ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ ශ්‍රී ලංකාවේ තවත් බලාපොරොත්තුවක් ඊයේ (11දා) බිඳවැටුණි. බැඩ්මින්ටන් පිරිමි ඉසව්වේ ‘පී’ කාණ්ඩයෙන් තරග කළ නිලූක කරුණාරත්න චීන ක්‍රීඩක චෙන් ලොන්ග් හමුවේ තරග වට 2 -0කින් පරාජය වීමට සිදුවිය.

මහින්ද මහතාගේ ආරක්‍ෂාව පිළිබඳවද පුද්ගලිකව සොයා බලනවා – කොරියානු අගමැති

දකුණු කොරියාවේ සංචාරයක නිරතව සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ දකුණු කොරියානු අගමැති වැන්ග් යෝ හාන් මහතා අතර විශේෂ හමුවක්‌ ඊයේ (10 වැනිදා) සිදුවිය. එහිදී ආසියාවේ අභිමානය ලෝකයට රැගෙන යැමට මහින්ද රාජපක්‍ෂ මහතා දැක්‌වූ දායකත්වය පිළිබඳව දකුණු කොරියානු අගමැතිවරයා සිහිපත් කළේය. මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආරක්‍ෂාව පිළිබඳවද පුද්ගලිකව සොයා බලන බවත් කොරියානු අගමැතිවරයා මෙහිදී සඳහන් Read More

ගොවි සංගමය වී අලෙවි මණ්ඩලයට

සමස්ත ලංකා ගොවි ජන සම්මෙලනය සහ ගොවි දිස්ත්‍රික්ක 12ක් පමණ නියෝජනය කරන ගොවි නායකයින් සහතික මිලට වී මිලදී නොගැනීම පිළිබඳව ප්‍රශ්න කිරීමට මෙලෙස වී අලෙවි මණ්ඩලයේ නිලධාරීන් හමුවීමට ගියේය. වී අලෙවි මණ්ඩල පනත නොදන්නා නිලධාරීන් පිරිසක් සමඟ මෙරට ගොවි ජනතාවට කටයුතු කිරීමට සිදු ව ඇති බව කී කරුණාරත්න මහතා ගොවිජනතාව හා පාරිභෝගිකයන් ආරක්ෂා කිරීමට පිහිටවූ Read More

යෝෂිතගේ රුපියල් කෝටි 15 ක් රාජ සන්තක වේ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහගාගේ පුත් යෝෂිත රාජපක්ෂගේ බව කියන රුපියල් මිලියන 158 කට  අධික මුදලක් රාජසන්තක කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා  ඊයේ (10) නියෝග කළේය.

වැට් පනත ගැන කතානායකගෙන් ඓතිහාසික තීන්දුවක්

එකතු කල අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත හෙවත් වැට් පනත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව සම්බන්ධයෙන් කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තු මූලාසනයේදී ඓතිහාසික ප්‍රකාශයක් කිරිමට නියමිතය.

t

o

p