Special News

දුම්රියේ වන අලි ගැටීම වළක්වන වැඩපිළිවෙළ ඇණහිට ඇති බවට පරිසරවේදීන්ගෙන් චෝදනා

වන අලි දුම්රියේ ගැටීම වැළැක්වීම සඳහා ක්‍රියාත්මක වැඩසටහන ඇණ හිට ඇති බවට පරිසර සංවිධාන චෝදනා කරයි. පරිසර යුක්ති කේන්ද්‍රයේ ජ්‍යේෂ්ඨ උපදේශක හේමන්ත විතානගේ මහතා සඳහන් කළේ, හබරණ දුම්රිය මාර්ගයේ වන අලි ගැටීම වැලැක්වීම සඳහා පසුගිය කාලයේ වැඩසටහන් රැසක් ආරම්භ කළ බවයි. ඒ යටතේ දුම්රිය මාර්ගයට ඉහළින් වන අලින්ට ගමන් කිරීම සඳහා පාලම් දෙකක් ඉදිකිරීමටද සැලසුම් Read More

වංචා හා දූෂණවලට සම්බන්ධ රාජ්‍ය නිලධාරින්ගෙන් අධිභාර අය කිරීම ඇරඹෙයි

විගණන පනතේ නව ප්‍රතිපාදන යටතේ වංචා හා දූෂණවලට සම්බන්ධ රාජ්‍ය නිලධාරින්ගෙන් අධිභාර අය කිරීම ආරම්භ කළ බව ජාතික විගණන කොමිෂන් සභාව පවසයි. ජාතික විගණන කොමිසම සඳහන් කළේ, වංචාවක් හා දූෂණයක් හා අක්‍රමිතාවක් මගින් රජයට අලාභයක් සිදු කිරීම හා එය පවතින නීතියට පටහැනි ලෙස කිරීම යන චෝදනා දෙකට වරදකරුවන් වන පුද්ගලයින්ගෙන් අධිභාර අයකර ගන්නා බවයි. ඒ Read More

බිනර පොහොය අදයි

බුද්ධ ශාසනික වශයෙන් වැදගත් සිදුවීම් රැසක් සිදුවූ බිනර පුර පසලොස්වක පොහෝ දිනය අද(29)යි. බුද්ධ ශාසනය තුළ භික්ෂුණී ශාසනය ආරම්භවීම සිදු වූ දිනය වන බැවින්, බිනර පොහොයට ශාසන ඉතිහාසයේ හිමිවන්නේ වැදගත් ස්ථානයකි. බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර වැඩවසන සමයේ මහා ප්‍රජාපතී ගෝතමිය ඇතුළු 500ක් කුල කාන්තාවන් තෙවන වරටත් පැමිණ පැවිදි වන්නට අවසර ඉල්ලා සිටියේ අද වැනි පුර Read More

ධනුෂ්ක ගුණතිලකට ක්‍රිකට් ආයතනයෙන් පරීක්‍ෂණයක්

ධනුෂ්ක ගුණතිලක, ඕස්ට්‍රේලියානු අධිකරණයේ ගොනුකර තිබූ චෝදනාවලින් නිදහස් වුවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔහු සම්බන්ධයෙන් විනය පරීක්‍ෂණයක් පවත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් ඊයේ (28) පස්වරුවේ පැවසීය. ඔහු ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයෙක් ලෙස ලෝක කුසලාන තරගාවලිය තුළදී ද විනය කඩකර ඇතැයි ඕස්ටේ්‍රලියාවේදී පැවැති අධිකරණ ක්‍රියාමාර්ගයේදී ද ප්‍රකාශයට පත්වූ බවත් ඔහු මෙරටට Read More

නිපා දරුවන්ට මාරාන්තිකයි

කේරළ ප්‍රාන්තයේ ව්‍යාප්ත වූ නිපා වයිරසය දරුවන් අතර බොහෝ සංකූලතා ඇති කරන බවත්, එය දරුවන්ට මාරාන්තික තත්ත්වයකට පවා හේතු විය හැකි බවටත් වෛද්‍ය විශේෂඥයන් අනතුරු අඟවා ඇතැයි හින්දුස්තාන් ටයිම්ස් පුවත් සේවය වාර්තා කළේය. කේරළ ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරින්ට අනුව මේ වන විට එම ප්‍රාන්තයේ වයිරසය ව්‍යාප්ත වීම පහත වැටී තිබුණ ද, දෙවැනි රැල්ලක අවදානමක් ඇති බැවින් Read More

සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 07ක අතිරික්තයක්

රට තුළ සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 07ක අතිරික්තයක් ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවධාරණය කරයි. රටේ දැනට පවතින සහල් සහ වී තොග පිළිබඳව ආහාර සමාලෝචනයක් සිදු කළ යුතුව ඇති බැවින් දැනට පවතින සහල් හා වී තොග පිලිබඳව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් කරුණු විමසීමක් සිදු කළේය. පසුගියදා මහනුවර ගන්නොරුවේ දී කෘෂිකර්ම ක්ෂේත්‍රයට අදාල සියලුම Read More

වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ නව පද්ධතිය ක්‍රියාත්මකයි

ශ්‍රී ලංකාව තුළ මෝටර් රථ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ නව පද්ධතිය ස්ථාපිත කිරීම දිවයිනේ පළාත් 08ක ඔක්තෝබර් මස 03වැනිදා සිට ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව වයඹ, දකුණ, උතුරු මැද, මධ්‍යම, සබරගමුව, නැගෙනහිර, උතුර සහ ඌව යන පළාත්වල පළමුව මෙම නව පද්ධතිය ක්‍රියාත්මක කෙරෙනු ඇත. බස්නාහිර පළාත තුළ දැනට ක්‍රියාත්මක වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමය Read More

“ආර්ථික අර්බුදය හේතුවෙන් වෘත්තිකයින් රට හැර යාමේ ප්‍රවණතාවය” පිළිබඳ කල් තැබීමේ විවාදය ලබන 6 වැනිදා

පාර්ලිමේන්තුව ලබන ඔක්තෝබර් 3 වැනිදා සිට 6 වැනිදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය. පසුගිය සැප්තැම්බර් 22 වැනිදා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී මෙම සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය වී තිබේ. මේ අනුව පාර්ලිමේන්තුව රැස්වන මෙම සෑම දිනකම පෙ.ව 9.30 – පෙ.ව 10.30 කාලය Read More

කුරුන්දි විහාරයේ ගැටලුවලට ආංශික අධීක්ෂණ කාරක සභාවෙන් සාධනීය විසඳුම්

කුරුන්දි රජමහා විහාරය ආශ්‍රිතව පැන නැගී ඇති ගැටලු නිරාකරණය කරමින්, බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් යෝජනා කිහිපයක් ආංශික අධීක්ෂණ කාරක සභා වෙත ඉදිරිපත් කර ඇති බව පාර්ලිමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව කුරුන්දි රජමහා විහාරය පවතින පුරාවිද්‍යා රක්ෂිත භුමි ප්‍රදේශයට අයත් නොවන ඉඩම් වලින් අක්කර 3ක භුමි ප්‍රමාණයක්, බෞද්ධ විහාරස්ථානයක් හා හින්දු කෝවිලක් Read More

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු ඇරඹීමට සූදානම්

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ පළමු අධියරේ මෙහෙයුම් කටයුතු ලබන වසරේ ජුනි මස පළමුවනදා සිට අරඹන බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශය මේ බව සඳහන් කළේ බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි. ශ්‍රී ලංකා වරායවල් පිළිබඳ අධිකාරිය (සංශෝධන) පනත් කෙටුම්පත, 2022 වර්ෂය සඳහා සීමාසහිත ගුවන් තොටුපොළ Read More

t

o

p