අවු. 19න් පහළ ආසියානු ක්‍රිකට් කුසලානයත් ඉන්දියාවට

බංග්ලාදේශයේ පැවැති 5 වැනි අවු. 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අපරාජිතව ශූරතාව දිනා ගැනීමට ඉන්දියාව සමත් විය.  බංග්ලාදේශයේ මීර්පුර් ශ්‍රී බංග්ලා ජාතික ක්‍රීඩාංගණයේ පැවැති ඉන්දු-ශ්‍රී ලංකා අපරාජිතයන්ගේ අවසන් මහ තරගයේදී ලකුණු 144ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ඉන්දියාව සමත් විය. මේ අනුව ඉන්දියාව අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන  දිනාගත් සිව්වැනි අවස්ථාව මෙය වන අතර, ශ්‍රී ලංකාව අනුශූරයන් Read More

විජයකලා අත්අඩංගුවට

හිටපු ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරය හෙබවූ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයකලා මහේෂ්වරන් මහත්මිය අද පොලිස් සංවිධානාත්මක අපරාධ මර්ධන කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන ඇත. ඒ පසුගිය දා ඇය විසින් කරන ලදැයි පැවසෙන එල්.ටි.ටි.ඊ සංවිධානය නැවත ගොඩනැගිය යුතු බව ඉකුත් දා යාපනයේදී පැවති රාජ්‍ය උත්සවයක් අමතමින් කළ කතාවක් නිසා රට තුළ මතභේදයක් ඇති විය.  

ධීවර හා සංචාරක කර්මාන්ත වල දියුණුවට නොර්වේ රාජ්‍යයේ සහාය

ධීවර අපනයන ක්ෂේත්‍රයේ ප්‍රමුඛස්ථානයක සිටින නොර්වේ රාජ්‍යයේ සහයෝගය ඇතිව ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය නවීකරණය කිරීමට, සාගර සම්පත්වලින් සම්පූර්ණ ප්‍රයෝජන ලබාගැනීමටත්, සංචාරක කර්මාන්තය දියුණු කිරීමටත් පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා 05 වැනි දා දහවල් නෝර්වේහි දී මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය. ශ්‍රී ලංකාවේ නොදියුණු ප්‍රදේශ දියුණු කිරීම සඳහා දිගු කාලයක සිට නෝර්වේ රජයෙන් ලැබෙන සහයෝගය Read More

දේශපාලනයට කාන්තා නියෝජනය වැඩි කිරීම ගැන ලංකාවට පැසසුම්

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව හා නෝර්වේ රාජ්‍යයේ උත්තරීතර මන්ත්‍රණ සභාව අතර සබඳතා තව තවත් ශක්තිමත් කරලීම සඳහා ඉදිරියේ දී කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ නෝර්වේ උත්තරීතර මන්ත්‍රණ සභාවේ සභාපතිනි ටූනෙ විල්හෙල්ම්සන් ටෲන් (Ms. Tone Wilhelmsen Trøen) මහත්මිය අතර පැවති සාකච්ඡාවේ දී අවධාරණය කෙරිණි. 05 වන දා පෙරවරුවේ නෝර්වේ උත්තරීතර මන්ත්‍රණ Read More

මාධ්‍යවේදිනියගේ හා 16 කණ්ඩායමේ ක්‍රමන්ත්‍රණයක් ලංකාදිපෙන් එළියට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි ජනධිපතිවරණයේ පොදු අපේක්ෂකයා ලෙස නම් කිරීම සම්බන්ධයෙන් කිසිඳු සාකච්ජාවක් කර නැතැයි එක්සත් ජාතික පක්ෂය පවසයි. එක්සත් ජාතික පක්ෂය මෙලෙස පවසන්නේ “ජනපති යළිත් පොදු අපේක්ෂකයා කරන්න, ශ්‍රීලනිප-එජාප ඇමති සාකච්ජාවක්” යන්නෙන් අද (7) ඉරිදා ලංකාදීප මුල් පිටුවේ පළවූ පුවත පිළිබඳව ස්ථාවරය පැහැදිලි කරමිනි. මෙම අදාළ පුවත පුවත්පතට සැපයු මාධ්‍යවේදිනියට 16 කණ්ඩායම නියෝජනය Read More

බදු වංචා කළාට සුපිරි චින නිළියට යුආන් මිලියන 883ක් දඩ

චීනයේ සුපිරිතම නිළියක වූ ෆෑන් බින්ග්බින්ග් හට බදු වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චීන යුආන් මිලියන අටසිය අසූ තුනක් දඩ වශයෙන් ගෙවීමට චින බලධාරීන් නියම කර තිබේ. මාස තුනක් පමණ කාලයක් ඇය ආගිය අතක් නැතිවීම එරට තුළ මහත් ආන්දෝලනයකට හේතු වී තිබිණි. චීනයේ ජනප්‍රියතම තරුවක් හා ලොව වැඩිම ගෙවීමක් ලබන නිළියක් වන ෆෑන් බින්ග්බින්ග් මෙම දඩ Read More

ඉන්දුනිසියාවේ සුනාමියෙන් මියගිය ගණන 1400 ඉක්මවයි

පසුගිය සිකුරාදා ඉන්දුනිසියාවේ ඇති වූ සුනාමියෙන් මියගිය ගණන එක්දහස් හාරසියය ඉක්ම වූ බව වාර්තාවෙයි. මුලදී අටසිය හතළිස් හතරක් ලෙස දැක්වුණු එය පසුගිය දිනවල ක්‍රමයෙන් වැඩිවිය. රිච්ටර් මාපාංකයේ 7.5ක් ලෙස සටහන් වූ භූමිකම්පාවක් එරට සුලවෙසි දුපතට බලපෑ අතර ඉන් මුහුදුබඩ නගරයක් වූ පලු දුපත මුළුමනින්ම පාහේ විනාශ විය. මේ වනවිට දිවිගලවාගත් පිරිසට විදුලිය හෝ ජල පහසුකම් Read More

තරග පාවාදීමේ චෝදනාවක් ගැන ICC පරීක්ෂණ

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයේ තරග පාවාදීමේ “ඉතා භයානක” වාතාවරණයක් පවතින්නේ යයි අයිසීසී ජගත් පාලක මණ්ඩලය තමන්ට දැනුම් දුන් බව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා පවසයි. අදාළ තරග පාවාදීමේ චෝදනා පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලයේ විමර්ශකයන් මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ පරීක්ෂණ පවත්වමින් සිටින බව සඳහන් කළ අමාත්‍යවරයා, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයට එරෙහිව එල්ල වී තිබෙන “බරපතල Read More

ආර්ථිකය නංවන්න ජාතික ආර්ථික සභාව ගත් ක්‍රියා මාර්ග මොනවාද? පසුපෙල මන්ත්‍රීන් ප්‍රශ්න කරයි

ලොව පුරා රටවල් රැසකට බලපාන ලෙස ඇතිව තිබෙන ගෝලීය ආර්ථික අර්බුදයට පිළියම් වශයෙන් ජාතික ආර්ථික සභාව ගත් ක්‍රියාමාර්ග මොනවාදැයි ප්‍රශ්න කිරීමට ආණ්ඩු පක්ෂ පසුපෙල මන්ත්‍රීවරු තීරණය කර සිටියි. ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ජාතික මට්ටමින් තීරණ ගැනීම සඳහා ඉකුත් අප්‍රේල් මාසයේදි ජාතික ආර්ථික සභාව පත් කරනු ලැබූවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසිනි. එහිදි කළ විෂය සංශෝධනයේදි එතෙක් Read More

මහනුවර සංවර්ධනයට ජපානය සම්බන්ධ කර ගැනීම ආණ්ඩුවේ දූරදර්ශී තීන්දුවක්

යහපාලන ජාතික රජයේ කලින් ගත් තීන්දුවකට අනුව මහනුවර සංවර්ධනය සඳහා ජපානය සම්බන්ධ කර ගැනීමේ දූරදර්ශී තීන්දුවේ ප්‍රතිඵල මේ වන විටත් දැක ගත හැකි බව රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන ඇමති, සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය. ජපානයේ ආධාර යටතේ බෝගම්බර පැරණි සිරගෙදර භුමිය සංචාරක මධ්‍යස්ථානයක් ලෙස නවීකරණය කිරීමට නියමිත අතර මහනුවර නගරය කුණ්ඩසාලේ දක්වාම සංවර්ධනය Read More

t

o

p