පාකිස්තාන කිම් කාඩෑෂියන් මරු දකී

පාකිස්තාන කිම් කාඩෑෂියන් යන විරුධාවලිය ලැබූ එරට අන්තර්ජාල තරුවක් බවට පත්ව සිටි කැන්ඩීල් බලේෂ් සිය සහෝදරයා විසින් ගෙල සිරකර මරා දමා ඇති බව විදෙස් වාර්තා පවසයි. පාකිස්තානයේ පන්ජාබ් ප්‍රදේශයේදී සිදුව ඇති මෙම ඝාතනය බලේෂ් පවුලේ නම්බුව ආරක්ෂා කරගැනීම වෙනුවෙන් සිදුකළ ගෞරවනීය ඝාතනයක් ලෙසද අර්ථ දක්වා ඇති බව විදෙස් වාර්තා පවසයි. මීට සතියකට පෙර බී.බී.සී.ය වෙත Read More

උතුරු ආණ්ඩුකාරවරයා තුවාල ලබූ සිසුවා බැලීමට යයි

යාපනයේ  විශ්වවිද්‍යාලයේ  සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට  අතුලත් කළ ශිෂ්‍යගේ සුව දුක විමසා බැලිමට උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පැමිණියේය.  

රජයේ රෝහල්වල දී රුධිර පරික්ෂාව සිදු කරගත හැකියි

රජයේ මූලික හා දිස්ත්‍රික් රෝහල් සියල්ලටම රුධිරය පරීක්ෂා  කිරීමේ ඔටෝ ඇනලයිසර් යන්ත්‍ර ලබාදීමට කටයුතු කරන බවත්  ඒ අනුව සියලු රුධිර පරික්ෂාව රජයේ රෝහල්වලදී  සිදු කරගත හැකි බව සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය, වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. මෙම යන්ත්‍රයෙන් තත්ත්පර තුනක් තුළ රුධිර පරීක්ෂාවන් 16ක් සිදු කළ  හැකියි.   ඒ අනුව රුධිර පරීක්ෂා කිරීම් රජයේ රෝහල්වලදී Read More

ලංකාව ලෝකයේ ඈති ස්ථාවරම රටයි

ලෝකයේ ස්ථාවරම රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බව ජාතික හෙළ උරුමයේ මහලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ රටේ පවතින ස්ථාවරභාවය යළි බිඳ දැමීමට කිසිදු බලවේගයකට ඉඩනොතබන බවයි. රත්නපුර ප්‍රදේශයේ ජාතික හෙළ උරුමය සංවිධානය කර තිබු සම්ම්න්ත්‍රණයකට එක්වෙමින් පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

ගල්කිස්සේ ගණිකා නිවාසයක් වටලයි

ආයුර්වේද මද්‍යස්ථානයක් ලෙසින් ගල්කිස්ස ප්‍රදේශයේ කලක සිට පවත්වාගෙන යනු ලැබූ ගණිකා නිවාසයක් වැටලීමට ගල්කිස්ස පොලීසිය 15 දා සමත්ව ඇත. වැටලීම මඟින් ගණිකා නිවාසයේ කළමනාකාරිණිය ලෙස හැඳින්වෙන සැකකාරියක් හා තවත් සැකකාරියන් 12 ක් පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.

යුධ අපරාධ පරීක්ෂණ සඳහා විශේෂ අධිකරණයක් අවශ්‍යයි

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යෝජනාවන්ට අනුව යුධ අපරාධ සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ ඉතා සංකීර්ණ වනු ඇති බව ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් හා කම්කරු කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ටොම් මැලිනොව්ස්කි පවසා තිබේ. කෙසේ වෙතත් එහි විශ්වාසය ගොඩනැගීම සඳහා විදෙස් උපදෙස් අත්‍යවශ්‍ය බව ඔහු පවසා ඇත.

රනිල් කිරිවෙහෙර වැඳ පුදා ගනියි

රනිල් වික්‍රමසිංහ අගමැති 15 දා සවස කිරිවෙහෙර වැඳපුදා ගත්තේය. කිරිවෙහෙර රජමහා විහාරයේ විහාරාධිපති කොබවක  ධම්මින්ද නාහිමියන් ඇතුළු මහා සංඝරත්නය අගමැතිට සෙත් පිරිත් දේශනා කර  ආශිර්වාද පැතිය.

යදාමිණී සහ සමන්මළී යුගදිවියට

පාර්ලිමේන්තු මන්ත්‍රී හා ඒකාබද්ධ විපක්ෂයේ සංවිධායක දිනේෂ් ගුණවර්ධන මහතාගේ පුත් යදාමිණී ගුණවර්ධන සහ පළාත් සභා මන්ත්‍රිනී සමන්මළී සකලසූරිය 14 දා යුගදිවියට එක්විය. උත්සවය කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්විණි. අගමැති රනිල් වික්‍රමසිංහ, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ඇතුළු පක්ෂ විපක්ෂ දේශපාලනඥයෝ රැසක් විවාහ උත්සවයට සහභාගී වූහ. දෙවැනි ගමන 17 දාට පැවැත්වීමට නියමිතය.

කොළඹ මහල් නිවාස හදන්න කෝටි 259ක්

කොළඹ නගරයේ වේගයෙන් වර්ධනය වන මහල් නිවාස සංකීර්ණ ඉල්ලුම සපුරාලීම සදහා පසුගිය ජූනි මාසයේ  දී නව මහල් නිවාස සංකීර්ණ ව්‍යාපෘති 11 කට අත්සන් තැබීමට හැකිවූ බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය කියයි.

කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ජංගම දුරකථනයෙන්

කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව දිවයින පුරා ජංගම දුරකථනය හරහා ගනුදෙනු සිදු කිරීමේ නවතම යෙදුම සම්බන්ධයෙන් ආයෝජකයින් දැනුම්වත් කිරීමේ වැඩසටහන් මාලාවක් ආරම්භ කිරීමට සියලු කටුයුතු සූදානම් කර තිබේ.

t

o

p