යල කන්නයට ජලය නිකුත් කිරීම මාර්තු 20 වැනිදා සිට

March 3, 2024

යල කන්නය වෙනුවෙන් මහවැලි කලාපයට ජලය නිකුත් කිරීම මාර්තු 20 වැනිදා ආරම්භ කරන බව, මහවැලි අධිකාරිය පවසයි.
එම අධිකාරිය සඳහන් කළේ, මාර්තු සිට ජූලි දක්වා ඒ වෙනුවෙන් ජලය නිකුත් කෙරෙන බවයි.

මේ අතර යල කන්නය සඳහා ප්‍රමාණවත් පරිදි ජලය පවතින බව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ ඇති වැව් සංඛ්‍යාව, 258 ක්.

එම වැව්වල 90% ඉක්මවූ ජල ධාරිතාවක් පවතින බව, මහවැලි අධිකාරියේ ජල කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ විමල් රත්නසිරි මහතා සඳහන් කළේ ය.

t

o

p