යාල පලටුපාන ප්‍රධාන පිවිසුම් දොරටුව යළි විවෘත කරයි

January 18, 2024

අයහපත් කාලගුණය හේතුවෙන් පසුගියදා වසා තැබුණු යාල පලටුපාන ප්‍රධාන පිවිසුම් දොරටුව යළි විවෘත කර තිබේ.

ඌව කලාපය භාර වනජීවි සහකාර අධ්‍යක්ෂ උපුල් ඉන්ද්‍රජිත් පැවසුවේ පසුගිය මාස කිහිපය පුරා අඛණ්ඩව ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් වෙහෙරගල ජලාශය වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් මැණික් ගඟ පිටාර ගැලීමත්, උද්‍යානය තුළ ඇති සියලු වැව් ජලකඩිති පිරී පිටාර ගැලීමත් හේතුවෙන් මාර්ග පද්ධතිය යටවී ඛාදනයට ලක්වීමත් සමග පලටුපාන ප්‍රධාන පිවිසුම් දොරටුව වසා දැමුනු බවයි.

t

o

p