විදුලි බිල 50%කින් අඩු කළ හැකියි

January 6, 2024

ඔක්තෝබර් මස 18%කින් ඉහළ දැමූ විදුලි ගාස්තුවෙන් 50%ක් පමණ හැකි ඉක්මනින් අඩු කර, පාරිභෝගිකයාට සහන සැලසිය හැකි වෙතැයි අපේක්ෂා කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි, මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා පැවසීය.

වසර 2023 කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනුම් දුන් පරිදි වර්ෂාව අඩුවෙන් පුරෝකථනය කර තිබුණද ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර් ඉතා අධික වර්ෂාවක් ලැබුණු බව හෙතෙම පෙන්වා දුන්නේය.

එබැවින් එහි ප්‍රතිලාභය අනිවාර්යයෙන්ම මහජනතාවට දීමට ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු කරන බවද ඒ මහතා කියා සිටියේය. ඒ අනුව මෑතකදී වැඩි කළ ගාස්තු 50%කින් අඩු කරන ලෙස ඉල්ලා මහජන උපයෝගිතා කොමිසම වෙත යෝජනාවක් මේ මස 12 හෝ 13 අතර දිනයක යොමු කරන බවද, ඒ අනුව ඉන් අනතුරුව මහජන උපයෝගිතා කොමිසම විසින් ඉතා ඉක්මනින් විදුලි ගාස්තු අඩු කිරීම පිළිබඳ අවශ්‍ය පියවර ගනු ඇතැයිද ඒ මහතා කියා සිටියේය.

t

o

p