බූස්ටර් එන්නතට පසු සිව්වැනි මාත්‍රාවක්

December 23, 2021

කොවිඩ් වයිරසයෙන් ආරක්ෂා වීමට බූස්ටර් එන්නතට පසු සිව්වැනි මාත්‍රාව ලබා දීමට ඊශ්‍රායලය පියවර ගෙන ඇත. වහාම ක්‍රියාත්මක වන පරිදි කොවිඩ් මර්දන සිව්වැනි මාත්‍රාව සිය ජනතාවට ලබාදීමට ඊශ්‍රායලය පියවර ගෙන ඇතැයි සීඑන්එන් පුවත් සේවය වාර්තා කළේය.

බූස්ටර් එන්නතට වැඩි ප්‍රතිශක්තියක් ලබා දෙන බව කියන සිව්වැනි එන්නත එරට සෞඛ්‍ය අංශය මගින් අවුරුදු 60න් ඉහළ වැඩිහිටියන්ට නිර්දේශ කර ඇති අතර, එය වෛද්‍ය කාර්ය මණ්ඩලයට සහ ප්‍රතිශක්තිකරණ දුර්වලතා ඇති පුද්ගලයන්ට ලබා දීමට තීරණය කර ඇත.

t

o

p