ලබන වසරේ ‘කඩදාසි භාවිතා නොකරන පාර්ලිමේන්තුවක්’

December 23, 2021

පාර්ලිමේන්තුව තුළ කඩදාසි භාවිතය අවම කිරීම අරමුණු කර ‘කඩදාසි භාවිතා නොකරන පාර්ලිමේන්තුවක් ‘(Paperless Parliament) බිහිකිරීමේ වැඩ පිළිවෙළක් ආරම්භ කිරීමට පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා තීරණය කර තිබේ.

මෙම වැඩ පිළිවෙළ පිළිබඳ මුළික සාකච්ඡාවක් ඊයේ(22) පරිසර ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යංශයේ දී පැවැත්විනි.

මෙහිදී අදහස් පළ කළ ඇමැති අමරවීර මහතා පෙන්වා දුන්නේ පාර්ලිමේන්තුව පැවැත්වෙන සැම දිනයකම විවිධ පොත්පත්, පත්‍රිකා ආදිය , මන්ත්‍රිවරුන් නොපෙනෙන තරමට කඩදාසි ගොඩක් මේසය මත ගොඩ ගැසෙන බවයි.

එම තත්ත්වය නිසා විශාල පාරිසරික හානියක් මෙන්ම සම්පත් නාස්තියක් ද දිනපතා සිදුවන බවත් ඇමැතිවරයා පැවැසීය.

එබැවින් කඩදාසි භාවිතයෙන් තොර පාර්ලිමේන්තුවක් Paperless Parliament සඳහා වූ වැඩ පිළීවෙළ වහාම ක්‍රියාත්මක කිරීමට පියවර ගත යුතු බවද ඇමැතිවරයා අවධාරණය කළේය.

t

o

p