සෝපා ගිවිසුම අත්සන් කළේ මොන අවුරුද්දේද කියලා අපි හෙට අනිද්දාම හෙළි කරනවා

July 15, 2019

සෝපා ගිවිසුම අත්සන් කළේ මොන අවුරුද්දේද කියලා අපි හෙට අනිද්දාම හෙළි කරනවා කිසිම ගිවිසුමකට අපේ අගමැතිතුමාගේ නායකත්වයෙන් අත්සන් කරලා නැහැ .මම ඕන කොනකුට කියනවා රනිල් වික්රමසිංහ මහත්තයාට එරෙහිව තියෙනවා නම් එක චෝදනාවක් ඔප්පු කරලා පෙන්වන්න කියලා.අමාත්‍ය තලතා අතුකෝරළ පවසයි.

අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය මෙම අදහස් පළ කළේ රුපියල් මිලියන 39.9 ක වියදමකින් වැඩ අවසන් කළ බලංගොඩ ගෙවල් 72 ජල යෝජනා ක්‍රමය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට ඊයේ (2019.07.14) පස්වරුවේ එක්වෙමිනි.මෙම ජල යෝජනා ක්‍රමය මගින් පවුල් 279 කට පානීය ජල පහසුකම් ලබාදීමට නියමිතයි.

එහිදී තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරිය තවදුරටත් මෙසේ ද සඳහන් කළාය.

ළිද ළග සංගමය වගේ දුප්පත් කමේ පාගා ගෙන ඕන බොරුවක් කිවුවහම එදා වේල ටුවර්ස් වගේ මොකක් හරි හම්බ කර ගන්න ආණ්ඩුවක් ගන්න යටි මඩි ගහන්න .සමහර රජයේ නිලධාරීන් ඉන්නවා කීයක් හරි ගසා කන්න.සමහර දේශපාලඥයින් ඉන්නවා එල්ලෙන්න වැල් නැහැ .මේ ආණ්ඩුව ලස්සනට අවේ නැහැ .විවිධ බාධා ආවා.2017 මහා ගංවතුරක් ආවා.නාය ගියා .මට ඇහුණා කවුද කියනවා මේක යු.එන්.පී.ආණ්ඩුවක් කියලා .යු.එන්.පී.ආණ්ඩුවක් ගත්තේ නැහැ මේක බොහොම අමාරුවෙන් ගත්තේ .2015 ජනාධිපතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේන මහත්තයා ජනාධිපති කර ගෙන.2015 දී අපි කිවුවා ශක්තිමත් ආණ්ඩුවක් ලබා දෙන්න කියලා.එදා ඒවා ගණන් ගත්තේ නැහැ .මට විරුද්ධව කොයිතරම් දේ කිවුව ද .අද යු .එන්.පී.ආණ්ඩුවක් නෙවෙයි තියෙන්නේ.

බොරු පච මිනිස්සු නොමග යවන්න බැඳුම්කරයක් ගැන කිවුවා.කැන්වසින් ගිය මිනිස්සුන්ට කිවුවේ මොකක්ද බැංකු හොරා කියලා.මම ඕන කොනකුට කියනවා රනිල් වික්‍රමසිංහ මහත්තයාට එරෙහිව තියෙනවා නම් එක චෝදනාවක් ඔප්පු කරලා පෙන්වන්න.කියන් දෙයක් නැති වුණහම මිනිස්සු දෙගිඩියාවෙන් ජනතාව මේ ගම්වල ජීවත් වෙන්න පටන් ගත්තා .දැන් ඊයේ පෙරේදා වෙන කොට තව එකක් පටලවාගෙන සෝපා ගිවිසුමක් ගැන .ඒකට තව එක්කෙනෙක් හූ මිටි තියන්න විපක්ෂ නායකවරයා ළගට ගිහිං තිබ්බා.මම බය නැතිව ඕන කෙනෙකුට කියනවා.කවුද සෝපා ගිවිසුම අත්සන් කළේ මොන අවුරුද්දේද කියලා.අපි හෙට අනිද්දාම හෙළි කරනවා.කිසිම ගිවිසුමකට අපේ අගමැතිතුමාගේ නායකත්වයෙන් අත්සන් කරලා නැහැ .ඉස්සෙල්ලා කිවුවා අගමැතිතුමා මේ ආණ්ඩුව චීනෙට හම්බන්තොට විකුණුවා කිවුවා.චීනෙට විකුනුව ඒවා ගත්තේ අපි.පෝට් සිටි එක හදන ඉඩම විකුණලා තිබ්බේ.අපේ අගමැතිතුමා චීනෙට හය වතාවක් ගිහිල්ලා මේවා බේර ගත්තා.හම්බන්තොට විකුණලා නැහැ .

ගිය ආණ්ඩුව අවුරුදු 20 ක් බලයේ හිටියා කළ දෙයක් නැහැ.ගිය ආණ්ඩුව ඒ අවුරුදු 20 ට මොනවාද බලංගොඩට කළේ .මම බලංගොඩට ඇවිල්ලා තවම අවුරුදු දෙකයි.මේ කාලය තුළ අන් කවරදාටත් වඩා වැඩ කොටසක් අපි කළා.අපි රත්නපුරේට නොකළේ මොනවාද කියන්න.අද ඒ ඔක්කොටම වඩා නිදහස තියෙනවා.ජාතිවාදී  ආගම්වාදී  ලෙස බොරු ප්‍රචාර කරලා ප්‍රශ්න ඇති කරන්න හදනවා.ළිද ළග සංගමය වගේ මිනිස්සුන්ට බොරු කියනවා.මිනිස්සුන්ව දුප්පත් කමේ තියා ගන්න එදා කටයුතු කළා.මේ රජය විවිධ බාධාවලට පසුගිය කාලය තුළ පත් වුණා.ස්වාභාවික විපත් ආවා.සමහර අය කියනවා අද තියෙන්නේ යූ.එන්.පී.ආණ්ඩුවක් කියලා.නැහැ අද කොහේද යු.එන්.පී.ආණ්ඩුවක් තියෙන්නේ.අද තියෙන්නේ යහපාලන ආණ්ඩුවක්.මේකේ රවුෆ් හකීම් මහත්තයා රිෂාද් බදුයුදීන් මහත්තයා මනෝ ගනේෂන්ලා දිගම්බරන් ඇමතිතුමාලා පාඨලී චම්පික රණවක ඇමතිතුමාලා මේ ඔක්කොම ඉන්නවා අපේ අගමැතිතුමා ඒකට නායකත්වය දෙනවා. මහින්ද රාජපක්ෂ මහත්තයා බිලියන දහ දාහක ණයක් ඉතුරු කරලා ගිය ආණ්ඩුවක් අපි ගත්තේ.අපි ආව දවසේ ඉදලා කුණු කදු කඩා වැටුණා.නාය ගියා ගංවතුර ආවා.අපේ රජය පෙරළන්න කුමන්ත්‍රණ කළා.ඒ නිසාම මාස හයක් රට ආපස්සට ගියා.බලයට තියෙන කෑදරකම නිසා අගමැතිකම බලෙන් ගන්න කටයුතු කළා.

.සමහර අය උත්සාහ කරන්නේ ආගම හරි ජාතිය හරි ඉස්සරහට දා ගෙන බලය ලබා ගන්න.දැන් තමුන්නාන්සේලාට ඕන පවුලක් රජ කරවන්න ද කියන්නකෝ.පොහොට්ටුව කියලා පක්ෂයක් තියෙනවාලු මම නම් දන්නේ නැහැ.තමුන්නාන්සේලා පහුගිය පළාත් පාලන ඡන්දයේදී ඒකට ඡන්දය දුන්නා.මම දැක්කා කවුද ඇමතිවරයෙක් කියලා තියෙනවා සමෘද්ධිය දුන්නේ එක්සත් ජාතික පක්ෂයේ අයට විතරයි කියලා.අවුරුදු 20 ක් සමෘද්ධිය ගත්තේ රාජ්‍ය සේවකයින් ව්‍යාපාරිකයින් යමක් කමක් තියෙන පුද්ගලයින්.එදා සමෘද්ධිය දුන්නේ ඒ අයගේ අයට විතරයි.එදා මාධ්‍ය නිදහස තිබුණේ කොහොමද කියලා තමුන්නාන්සේලා දන්නවා.එදා ලසන්තව මැරුවා.මිග් යානා ගනු දෙනුව ගැන කිවුවා කියලා ඒක ලියලා අවුරුද්දක් යන්න කලින් ලසන්තව මැරුවා.උපාලි තෙන්නකෝන්ට ගැහුවේ කවුද කියලා දැන් හෙලි වෙලා තියෙනවා.

දැන් ඇඟිලි සළකුනු වලින්ම ඔප්පු වෙලා තියෙනවා අද ඒ අය අත් අඩංගුවට අරන් තියෙනවා.අද සමහර අය බොරු ප්‍රවෘත්ති මවලා දානවා.අපි කියන දේවලින් මොකක් හරි පොඩි කෑල්ලක් අරන් දානවා.එදා අධිකරණයේ ස්වාධීනත්වය තිබුණේ කොහොමද කියලා ඔබ දන්නවා.නඩු තීන්දුව ලියන හැටි එදා නඩුකාරතුමන්ලාට කිවුවා.පුදුම පීඩනයකින් එදා නඩු කාර තුමන්ලා එදා හිටියේ.ඊයේ පෙරේදා කූරගල ගැන අනවශ්‍ය ප්‍රචාරයක් යවලා මතයක් යවන්න හැදුවා.මම කිවුවා කැබ්නට් එකේදී එහෙම දෙයක් නැහැ කියලා.අපි ඇවිත් තියෙන්නේ තමුන්නාන්සේලාට පොළොවේ පය ගහලා නිදහසේ ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් ඇති කරන්න යැයි ද අමාත්‍යවරිය වැඩුදුරටත් සඳහන් කළාය.

t

o

p