Local News

ලේකම්වරියගේ මුදල් අවභාවිතය ගැන CID පරීක්ෂණ

නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශයේ ලේකම්වරියගේ මුදල් අවභාවිතය සම්බන්ධයෙන් මුල්‍ය අපරාධ කොට්ඨාශය පරීක්ෂණ ආරම්භකර තිබේ. මුල්‍ය අපරාධ කොට්ඨාශය මෙම පරීක්ෂණ ආරම්භකර ඇත්තේ යහපාලනය සඳහා වෘත්තියවේදීන්ගේ සංසදය මුල්‍ය අපරාධ කොට්ඨාශයට කළ පැමිණිල්ලක් අනූවයි. මීට අමතරව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ටද මේ පිළිබඳව පැමිණිලි කර ඇත. එම නිලධාරිනිය 2016 වර්ෂය සඳහා ලබාගෙන ඇති සම්පූර්ණ Read More

ගෘහසේවිකාවන් ගැන සොයා බලා වගකීමෙන් කටයුතු කරනවා

කාන්තාවෝ කිහිප දෙනෙක් එකතු වෙලා කාගේ හරි අවශ්‍යතාවයකට කාගේ හරි මුදල් වියදම් කරමින් කාන්තාවන් පිටරට යවන එක නවත්වන්න කියලා උද්ඝොෂණය කරන බවත්, කාන්තාවන් පිටරට යැවීමේදී පුහුණු ශ‍්‍රමිකයින් විදියට සහ ගෘහසේවයට යන කාන්තාවන්ගේ වෘත්තීමය ගුණාත්මකභාවය වැඩිදියුණු කර ඉහළ වැටුප් ලැබෙන සුරක්ෂිත පරිසරයක රැකියාව ලබා දෙන්න උපරිම උත්සාහයක් ගන්නා බවට වගකීමෙන් සදහන් කරන බවත් විදේශ රැකියා අමාත්‍ය Read More

උමා ඔයට එරෙහිව බණ්ඩාරවෙල හර්තාල්

උමා ඔය හර්තාලයට සහභාගි වූ පිරිස් මේ වනවිට බණ්ඩාරවෙල නගර මධ්‍යයේ සියලු මාර්ග අවහිර කරමින් බිම වාඩිවී දැවැන්ත මහජන රැළියක් පවත්වමින් සිටියි. මෙම රැළිය හේතුවෙන් කොළඹ බදුල්ල, බණ්ඩාරවෙල – වැලිමඩ මාර්ග සම්පූර්ණයෙන්ම අවහිර වී ඇත. බණ්ඩාරවෙල, වැලිමඩ , ඇල්ල, හාලි ඇල, වැල්ලවාය ප්‍රාදේශිය ලේකම් කොට්ටාස වන පීඩාවට පත්වූ  පිරිස් මෙම හර්තාල් ව්‍යාපාරයට එක්ව සිටිති.  මෙම හර්තාල් ව්‍යාපාරය Read More

විදේශ ඇමති සහ විපක්ෂ නායක අතර හමුවක්

විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා සහ විපක්‍ෂ නායක ආර්. සම්බන්ධන් මහතා අතර හමුවක් අද (21) පෙරවරුවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්විණි. පැයක පමණ වේලාවක් පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් විපක්‍ෂ නායකවරයා කියා සිටියේ රටක් ලෙස ඉදිරියට යෑම සඳහා වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව මෙහිදී සාකච්ඡා කළ බවයි. යහපාලන රජයේ ක්‍රියාකාරිත්වය ශක්තිමත් කිරීම සඳහා දෙමළ ජාතික Read More

පළාත් පාලන ඡන්දයේ අපේක්ෂක ඇපය රු.2500යි

පළාත් පාලන මැතිවරණයේදි දේශපාලන පක්ෂයක් විසින් එක් අපේක්ෂකයෙකු වෙනුවෙන් තැන්පත් කළ යුතු ඇප මුදල රුපියල් පන්දහසේ සිට රුපියල් දෙදහස් පන්දීයය දක්වා අඩු කිරිම ඇතුළු වගන්ති 28 ක සංශෝධන ඇතුළත් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. සංශෝධනයන්ට අනුව ස්වාධින කණ්ඩායමක් විසින් මැතිවරණයට ඉදිරිපත් කරන එක් අපේක්ෂකයෙකු වෙනුවෙන් තැන්පත් කරන ඇප Read More

අපරාධ මර්ධනය හා පාලනයට විශේෂ වැඩපිළිවෙලක්

වෙඩි තැබිම් හා මිනිමැරුම් ඇතුළු සංවිධානාත්මක අපරාධ මැඩලීමට හා පාලනය කිරිමට අපාරාධ මර්ධන කොට්ඨාශයෙන් විශේෂ වැඩපිළිවෙලක් දියත් කර ඇතැයි නිතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන ඇමති සාගල රත්නායක මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (20) ප්‍රකාශ කළේය. මෙරට තුළ සිදුවු අපරාධ ගතහොත් 2014 ට සාපේක්ෂව 2016 වර්ෂයේදි අපරාධ අඩුවීමක් පෙන්නුම් කරන බවද ඇමතිවරයා පෙන්වා දුන්නේය. 2016 වර්ෂයේදි වෙඩි තැබිම් Read More

ඩෙංගු ප්‍රශ්නයකින් මැතිසබය කල් තැබේ

ඩෙංගු රෝගීන් දහස් ගණනක් රෝහල්වල සිටියත් රජයට කිසිදු වැඩ පිළිවෙළක් නැතැයි කියමින් ඒකාබද්ධ විපක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් දැක්වූ විරෝධය හමුවේ පාර්ලිමේන්තුව දෙවරක් කල් තැබිමට කථානායක කරු ජයසූරිය මහතාට අද (20) සිදුවිය. ඒකාබද්ධ විපක්ෂයේ හා ජවිපෙ මන්ත්‍රීවරු සභා ගැබ තුළ ඝෝෂා කිරීම හේතුවෙන් එක් වරක් පක්ෂ නායක රැස්වීමක් සඳහා විනාඩි විස්සකට සභාව කල් තැබූ අතර Read More

ආගමික ගැටුම් මැඩලීමට මැතිසබයට නව නීති

ඕනෑම ආගමකට ජන වර්ගයකට විරුද්ධව ක්‍රියාකරනවා නම් ප්‍රචණ්ඩ ක්‍රියාවල යෙදෙනවා නම් ඔවුන් පිළිබඳව විභාග කොට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. අරලියගහ මන්දිරයේදී මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් අගමැතිවරයා මෙසේද කීය. යම්කිසි ජන වර්ගයකට, ආගමකට විරුද්ධව ප්‍රචණ්ඩ ක්‍රියාවල යෙදෙන පිරිස, එමෙන්ම වෛරය පැතිර වීමට ක්‍රියාකරන අයට විරුද්ධව නීතිව Read More

පාර්ලිමේන්තුව මන්ත්‍රීන් සහ ළඟම ඥාතීන්ගේ වත්කම් ඉල්ලයි

සෑම මන්ත්‍රීවරයකු මෙන්ම ඔහුගේ හෝ ඇයගේ ළඟම ඥාතීන්ගේද වත්කම් සහ මූල්‍ය තොරතුරු පාර්ලිමේන්තු මහ ‍ලේකම්වරයා වෙත ලබාදිය යුතු බවට වන රීතියක් නව පාර්ලිමේන්තු ස්ථාවර නියෝගයන්ට ඇතුළත් කර ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ පියා, මව, කාලාත්‍රයා සහ දරුවන් ඇතුළු පවු‍ලේ සාමාජිකයන් පිළිබඳව මෙන්ම ඔවුන්ගේ ව්‍යාපාර සබඳතා සහ මූල්‍යමය බැඳියාවන් පිළිබඳ තොරතුරුද මේ අනුව අනාවරණය කළ යුතුය. මන්ත්‍රීවරුන්ගේ මෙම Read More

විදේශ ඇමැති රවීට ලොතරැයියත් පවරයි

රජය මගින් ඉකුත් දා ප්‍රකාශයට පත් කෙරුණු නව කැබිනට් සංශෝධනයට අනුව ඒ ඒ අමාත්‍යංශවලට අයත් ආයතන හා විෂයන් වෙන් කෙරෙන නව ගැසට් නිවේදනය නිකුත් වී තිබේ. ඒ අනුව මතෛක් මුදල් අමාත්‍යංශය සතුව තිබූ ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය විදේශ කටයුතු අමාත්‍යංශය යටතට පත් කර ඇත. විදේශ කටයුතු අමාත්‍යංශය සතුව මතෛක් පැවැති ආයතනවලට අමතරව Read More

t

o

p