Local News

පළමු පාසල් වාරයට පෙර ගුරුවරුන් 34,000ක් බඳවා ගන්නවා – සුසිල් ප්‍රේමජයන්ත

පළමු පාසල් වාරය ආරම්භ වන මාර්තු 27 වැනිදාට පෙර මෙරට ගුරු සේවය සඳහා උපාධිධාරීන් හා විද්‍යා පීඨ ඩිප්ලෝමාධාරීන් ලෙස ගුරුවරුන් 34,000ක් බඳවා ගන්නා බව සභානායක, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (17) අවධාරණය කළේය. රාජ්‍ය සේවයේ නිරත උපාධිධාරීන් 26,000ක් හා ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් 8000ක්ද වශයෙන් මේ පිරිස බඳවා ගන්නා බවද ඇමැතිවරයා ප්‍රකාශ කළේය. Read More

ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ ඉන්දියාව සහ චීනය සමඟ පැවැත්වෙන සාකච්ඡා සාර්ථකයි

ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ඉන්දියාවේ සහ චීනයේ එකඟතාව ලබා ගැනීමට පැවැත්වෙන සාකච්ඡා සාර්ථක වී ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද(17) පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කළේය. ජනතාවට සහන සලසමින් ඔවුන් පීඩාවෙන් මුදා ගැනීම සඳහා නව දේශපාලන ක්‍රමයක් ඔස්සේ සාමුහිකව අත්වැල් බැඳ ගනිමුයැයි ද ජනාධිපතිවරයා සියලු මහජන නියෝජිතයන්ගෙන් එහිදී ඉල්ලා සිටියේය. අසීරු ආර්ථික පසුබිමක් මධ්‍යයේ වුවද ජනතාවට සහන සැලසීමට Read More

75 වන නිදහස් සැමරුම අනාගතය වෙනුවෙන් කෙරෙන ආයෝජනයක්

ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ඉන්දියාවේ සහ චීනයේ එකඟතාව ලබා ගැනීමට පැවැත්වෙන සාකච්ඡා සාර්ථක වී ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කර සිටියි.    ජනතාවට සහන සලසමින් ඔවුන් පීඩාවෙන් මුදා ගැනීම සඳහා නව දේශපාලන ක්‍රමයක් ඔස්සේ සාමුහිකව අත්වැල් බැඳ ගනිමුයැයි ද ජනාධිපතිවරයා සියලු මහජන නියෝජිතයන්ගෙන් එහිදී ඉල්ලා සිටියේය. අසීරු ආර්ථික පසුබිමක් මධ්‍යයේ වුවද ජනතාවට සහන Read More

QR ක්‍රමය නොසලකා ඉන්ධන සැපයූ ඉන්ධන පිරවුම්හල් වලට වැඩ වරදී

QR ක්‍රමය නොසලකා හරිමින් ඉන්ධන සැපයූ ඉන්ධන පිරවුම්හල් වල බලපත්‍ර වහාම අවලංගු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.   අමාත්‍යාංශය වැඩිදුරටත් පවසන්නේ ඉන්ධන පිරවුම්හල් කිහිපයක් ජාතික ඉන්ධන අවසර පත්‍ර QR ක්‍රමය අනුගමනය නොකරන බවට වාර්තා වී ඇති බවයි.   ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (CPC) සහ Ceylon Petroleum Storage Terminals Limited (CPSTL) නිලධාරීන් සමඟ Read More

උසස් පෙළට අදාළ උපකාරක පන්ති අදින් පසු තහනම්

2022 අපොස උසස් පෙළ විභාගයේ උපකාරක පන්ති සංවිධානය කිරීම සහ සම්මන්ත්‍රණ සහ වැඩමුළු මෙහෙයවීම අද (17) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කර ඇත. ඒ අනුව අදින් පසු උසස් පෙළ විභාගයට අදාළ ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න දෙන බවට හෝ ඊට සමාන ප්‍රශ්න දෙන බවට පෝස්ටර්, බැනර්,අත්පත්‍රිකා, විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීම තහනම් වේ. 2022 උසස් පෙළ Read More

අඩු ආදායම්ලාභී පවුල් මිලියන 02කට සහන

සමෘද්ධි ප්‍රතිලාභීන් ඇතුළු අඩු ආදායම්ලාභී පවුල් මිලියන 02කට එක් පවුලක් සඳහා මාසයකට සහල් කිලෝග්‍රෑම් 10 බැගින් මාස 02ක කාලයක් ලබාදීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉරිදිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව මේ සඳහා සහල් මෙට්ට්‍රික් ටොන් 40,000ක් අවශ්‍ය වන අතර ඒ වෙනුවෙන් රජය විසින් වී මෙට්ට්‍රික් ටොන් 61,600ක් පමණ මිලදී ගැනීම අවශ්‍ය Read More

පාර්ලිමේන්තුව ලබන 17 සිට 20 දක්වා රැස්වේ – මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත විවාදයට ගැනීම පිළිබඳ අවසන් තීරණය ලබන බදාදා

මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත විවාදයට ගැනීම පිළිබඳ අවසන් තීරණය සදහා ලබන බදාදා නැවතත් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව හමුවීමට තීරණය කරයි. පාර්ලිමේන්තුව ලබන 17 සිට 20 වැනිදා දක්වා රැස්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය. මෙම සෑම දිනකම Read More

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය වෙනම තරඟ කිරීමට සූදානමක්

ආණ්ඩු පක්‍ෂයෙන් ඉවත් වූ කණ්ඩායම් විසින් පිහිටුවා ගත් නිදහස් ජනතා සන්ධානයෙන් ඉවත්ව පළාත් පාලන මැතිවරණයේ දී වෙනම තරඟ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සූදානම් වන බව වාර්තා වේ. නාමයෝජනා ලැයිස්තු සකස් කිරීමේ දී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අපේක්‍ෂකයන්ට අවස්ථාව නොලැබීම හා එම සන්ධානයේ සාමාජිකත්වය දරණ ඇතැම් මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් පාක්‍ෂිකයන්ගෙන් එල්ල වී ඇති විරෝධය ආදී කරුණු Read More

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියෙන් දැනුම්දීමක්

ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් සඳහා පැනවූ කොවිඩ් -19 පාලන නව ක්‍රමවේද ක්‍රියාත්මක කිරීම කල් දැමීමට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය තීරණය කර තිබේ. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ අදාළ නීති ක්‍රියාත්මක කිරීම ලබන 20 වනදා දක්වා කල්දමන බවය.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් සමාව ඉල්ලයි

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා මැතිවරණ කොමිසමෙන් සමාව ඉල්ලා තිබේ. කැබිනට් මණ්ඩලයේ තීරණයක් අනුව පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ඇප මුදල් භාරගැනීම අත්හිටුවන්නැයි තේරීම්භාර නිලධාරීන් වෙත ලිපියක් යොමුකර පසුව එය ආපසු කැඳවීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසීමට ඔහුව මෙලෙස කැඳවා තිබුණි. එහිදී ඔහු පවසා ඇත්තේ නිලධාරීන්ට යැවූ අදාළ ලිපියෙන් යම් අපහසුතාවයක් සිදුවූයේ නම් ඊට Read More

t

o

p