වරාය සේවකයින්ගෙන් විස්මිත නිර්මාණයක්

September 2, 2016

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ බහළු මෙහෙයුම් නඩත්තු අංශයේ විස්මිත නිර්මාණයක් වන ලෝ බෙඩ් යන්ත්‍රය වරාය මෙහෙයුම් සඳහා මුදා හැරීම පසුගියදා වරාය සහ නාවික කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා වරාය පරිශ්‍රයේදී  සිදු කෙරිණ.

බහළු ප්‍රවාහනයට යොදා ගන්නා මෙම ලෝ බෙඩ් යන්ත්‍රය නිර්මාණය කිරීමට වරාය පරිශ්‍රයේ ඉවතලන ද්‍රව්‍ය යොදා ගැනීමද විශේෂත්වයකි.

මෙහිදී අදහස් දැක්වු අර්ජුන රණතුංග මහතා පැවසුවේ වරායෙන් තමන්ට ලැබෙන දෙයට වඩා තමන්ගෙන් වරායට සිදු විය යුතු යුතුකම් මොනවාදැයි පළමුව සොයා බැලිය යුතු බවයි.

බහළු ප්‍රවාහනය සඳහා යොදා ගන්නා සාමාන්‍ය ට්‍රේලර් යන්ත්‍රයකින් එසවිය හැකි බර ප්‍රමාණය ටොන් 35 කි. නමුත් වරාය සේවකයින් නිර්මාණය කළ ලෝ බෙඩ් ට්‍රේලර් යන්ත්‍රයෙන් ටොන් 60 ක බර ප්‍රමාණයක් එසවිය හැකිය. එමගින් අඩි 20 බහළුම් එසවීමට හැකි වීමද විශේෂත්වයක් වේ. නමුත් සාමාන්‍ය ට්‍රේලරයකින් එසවිය හැක්කේ අඩි නවයක් උස බහළුවක් පමණි. මෙම විශිෂ්ට නිර්මාණය අගයමින් සමරු තිළිණ හුවමාරු කිරීමද අද සිදු කෙරිණ.

එහිදී අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය,

“අද අපි රටක් ලෙස ඉදිරියට යා යුතුයි.  අද අපි භාවිත කරන උපකරණ අවුරුදු ගණනාවක් පරණයි. නමුත් ඵලාදායිතාවයෙන් ඉහළයි. පෞද්ගලික පර්යන්තවල තියෙන්නේ අලුත් ට්‍රේලර් යන්ත්‍ර. එම යන්ත්‍ර නඩත්තු කිරීම, පාලනය කිරීම පහසුයි. ඒවායේ ඵලදායිතාවත් ඉහළයි. නමුත් අපි ඉදිරියට යන්න නම් අලුතින් සිතා යමක් කළ යුතුයි. ඒ සඳහා තමයි අපේ සේවකයින්ගේ දැනුම අවශ්‍ය වන්නේ. අපිට අවශ්‍ය උපකරණ පිට අයගෙන් ගත යුතු නැහැ. අපිටම නිර්මාණය කර ගන්න පුළුවන්. ඒකට හොඳම උදාහරණය තමයි මේ ලෝ බෙඩ් ට්‍රේලර් යන්ත්‍රය. මෙවැනි අලුත් දේ කරන්න ඔබ සියලු දෙනාම සිතට ගන්න. වගකීම ගන්න. මුදල කියන දෙය දෙවැනියට තියන්න.”

මාස තුනකින් සාදා නිමකළ එම යන්ත්‍රයේ නිර්මාණ අයිතිකරුවන් වන්නේ රෝහණ කුමාර සහ ඒ.කේ.ඩී. රාසුරු යන වරාය සේවකයින් වේ. එහි මෙහෙයුම ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ප්‍රධාන ඉංජිනේරු ඊ.ඒ.ඩී. එදිරිසූරිය මහතාද සැලසුම් සකස් කිරීම එම අධිකාරියේ කේ.සී.එම්. වනසිංහ සහ කේ.පී.එස්. රත්නායකද සිදු කළේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p