නාගරික නිවාස සදහා අගමැතිගෙන් කමිටුවක්

August 8, 2016

ශ්‍රී ලංකා ජාතික, නාගරික නිවාස වැඩසටහනේ මෙහෙයුම් කමිටුවක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කර තිබේ.
2020 වසර වන විට ශ්‍රී ලංකාවේ සියලූ නාගරික ප්‍රදේශ ආවරණය වන ලෙස නිවාස ලක්‍ෂ දෙකක් ඉදිකිරීම මෙම මෙහෙයුම් කමිටුවේ ප්‍රධාන ඉලක්කය වේ.
අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශක ආර්. පාස්කරලිංගම් මහතා මෙම කමිටුවේ ප්‍රධානත්වය උසුලන අතර, රජයේ පස්අවුරුදු සැලසුම් ප්‍රධානී අර්ජුන මහේන්ද්‍රන්, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශයේ උපදේශකවරු වන ඩබ්ලිව්. අයිලප්පෙරුම, හා සුසිල් සිරිවර්ධන යන මහත්වරු මෙහි සෙසු සාමාජිකයෝ වෙති.
ඊට අමතරව මහනගර හා බස්නාහිර නාගරික සංවර්ධන අමාත්‍යංශයේ හා ජලසම්පාදන හා නගර සැලසුම් අමාත්‍යංශයේ ලේකම්වරු ද මෙම කමිටුවට සහය දැක්වීම සඳහා ඊට ඇතුළත් කර ඇත.
මේ සඳහා රජයෙන් ලබා දෙන මූල්‍ය ප්‍රතිපාදනවලට අමතරව පෞද්ගලික අංශයේ ආයෝජන ද උපරිම වශයෙන් ලබා ගෙන නිවාස ලක්‍ෂ දෙකෙහි ඉලක්කය වෙත යාමේ වගකීම මෙම කමිටුවට පැවරී තිබේ.

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p