අයිතිය උදෙසා සරුංගලය

July 28, 2016

ඡන්ද අයිතිය පිළිබඳ හා දේශපාලනය පිළිබඳව ජනතාවගේ තිබෙන ආකල්ප වෙනස් කිරිම සඳහා # Youth VotesSL වැඩසටහනක් ලබන 05 දා සිට ආරම්භ කරනා බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේය.රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයේ අද (28) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මහින්ද දේශප්‍රිය මහතා මේ අදහස් පළ කළේය.
ජාතික තරුණ සේවා සභාවේද සහයෝගය ලබා ගනිමින් ඡන්ද අයිතිය පිළිබඳ දැනුවත් කිරිම වෙනුවෙන් අයිතිය උදෙසා සරුංගලය නමින් වැඩසටහනක් පවත්වන බවත් එම වැඩසටහන ලබන 05 දායින් පටන් ගෙන රටපුරා පවත්වන බවත් මහින්ද දේශප්‍රිය මහතා කීවේය.
ගාල්ලේදී එක් වැඩසටහනකුත් මුලිතිව්හි තවත් වැඩසටහනකුත් පවත්වා ලංකාවේ සියලූ තරුණ සංවිධාන එකතු කරගනිමින් ඡන්දය හා දේශපාලනය සම්බන්ධයෙන් තරුණයන්ගේ ආකල්ප වෙනස් කිරිමේ මෙහෙයුම ඉදිරියට ගෙන යන බවද ඒ මහතා සඳහන් කළේය.
දේශපාලනය කියන්නේ යක්කු භුතයෝ පිසාචයෝ සිටින තැනක් නොවන අතර දේශපාලනය නරක් කරන්නේ ඡන්ද දායකයින් යැයිද සභාපතිවරයා පෙන්වා දුන්නේය.

එම අදහස වෙනස් කිරිම උදෙසා අගෝස්තු 12 දා පැවැත්වෙන ලෝක තරුණ දිනය හා සැප්තැම්බර් 15 දා පැවැත්වෙන ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදි දිනය ඉලක්ක කර ගෙන මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරනා බවද මහින්ද දේශප්‍රිය මහතා කීවේය.
සර්වජන ඡන්ද බලය හා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරිම තුළ යහපත් සමාජයක් ගොඩ නැගිය හැකි බව කී දේශප්‍රිය මහතා තරුණයන් මෙයට සම්බන්ධ කිරිම මගින් මෙය සාර්ථක කර ගත හැකි බවද පෙන්වා දුන්නේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p