ගණිකාවන් වෙනුවෙන් ජාතික මධ්‍යස්ථානයක් බිහි කෙරේ

October 5, 2015

ලිංගික ශ්‍රමයෙන් යැපෙන ශ්‍රී ලාංකික කාන්තාවෝ තම අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම සඳහා සංවිධාන ගත වී සිටිති.

ශ්‍රී ලංකාවේ මෙවැනි සංවිධානයක් නිල වශයෙන් ස්ථාපිත කර ඇත්තේ ප්‍රථම වතාවටයි.

සිවිල් ක්‍රියාධරයන් කිහිප දෙනෙකුගේ මූලිකත්වයෙන් පිහිටුවාගෙන ඇති මෙම සංවිධානය හැඳින්වෙන්නේ ලිංගික ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් සඳහා වූ මධ්‍යස්ථානය නමින්.

එහි ජාතික සංවිධායක නීතිඥ සේනක පෙරේරා කියා සිටියේ දැනට සාමාජිකාවන් දෙසීයක් පමණ සංවිධානයට එක් වී ඇති අතර ලංකාව පුරා ලිංගික ශ්‍රමිකයන් ලක්ෂයකට අධික ප්‍රමාණයක් සිටින බවයි.

‘ලිංගික ශ්‍රමිකයන් කියන්නෙත් මනුෂ්‍ය කොටසක්. මානව හිමිකම් ගැන කතා කරනවානම් මේ ලිංගික ශ්‍රමිකයන්ගේ අයිතීන් පවා ඊට ඇතුළත්. මේ ලිංගික ශ්‍රමිකයන්ට පොලිසියෙන් තමයි පලවෙනි පීඩාව ඇතිවෙන්නේ.’ නීතිඥ සේනක පෙරේරා පවසයි.

– BBC

Sammy

Previous story Next story

Leave a comment

t

o

p