අප ලැබුවේ සුවිශේෂ ජයක්.. උර දුන් සැමට තෙරුවන් සරණයි..

August 20, 2015

අනතුර දොර එළිපත්තටම පැමිණ ඇති මොහොතක සිංහලයන් බෙදී වෙන්වද්දී අන්‍ය ජාතීන් ආගමිකයින් තම තමන්ගේ අක්‌මුල් සොයාගෙන ගොස්‌ ඇති බව මහ මැතිවරණ ප්‍රතිඵල තුළින් පෙන්නුම් කරන බව බොදුජන පෙරමුණේ නායක බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්‌ඩිත ගලගොඩඅත්තේ ඥණසාර හිමියෝ පැවැසූහ.

සිංහලයන්ගේ බල තණ්‌හාව නිසා අනාගත දූ දරුවන්ගේ ඉරණම බරපතළ අනතුරකට වැටී ඇති බවත් උන්වහන්සේ කියා සිටියහ.

උන්වහන්සේ වැඩිදුරටත් මෙසේද කීහ.

පවතින තත්ත්වය අනුව රට විශාල අනතුරකට පත්ව තිබෙනවා. අපගේ සිංහලයින් පක්‍ෂවලට බෙදිලා බල තණ්‌හාවෙන් කටයුතු කරද්දී අනෙක්‌ සියලුම ජාතීන් ආගමිකයින් තම තමන්ගේ අක්‌මුල් සොයාගෙන ගොස්‌ ඇති බව මැතිවරණ ප්‍රතිඵලවලින් පැහැදිලියි.

සිංහලයන්ගේ බල තණ්‌හාව නිසා අපගේ අනාගත දූ දරුවන්ගේ ඉරණම දරුණු අනතුරකට වැටී තිබෙනවා. අපගේ බොදුජන පෙරමුණ මෙම ඡන්දයෙන් සුවිශේෂ ජයක්‌ ලබා තිබෙනවා. රටට ආගමට, දැයට ආදරය කරන එය රැක ගැනීමට අවශ්‍ය පිරිසක්‌ එක තැනකට එක්‌කර ගැනීමට අපට හැකි වුණා. අප මහා ලොකු ජයග්‍රහණ බලාපොරොත්තු වුණේ නැහැ. අපට අවශ්‍ය වුණේ පක්‍ෂය රටට හඳුන්වා දීමටයි. අපට මාධ්‍ය ඉඩ ලැබුණේ නැහැ. අපට වියදම්කරන්න සල්ලි තිබුණේ නෑ. ඒ නිසා අප මේ ලැබූ ජය සුවිශේෂයි.

ඉදිරියේදී රටට එරෙහි බලවේග මීට වඩා වැඩි වේගයකින් ක්‍රියාත්මක වේවි. එම අනතුර අප රටේ ජනතාවට මේ මොහොතේම පෙන්වා දෙනවා. අවදියෙන් සිටින්න. අනතුර දොර එළිපත්තටම ඇවිත් අවසානයි. රටට අනතුරක්‌ තිබියදීත් රටේ බහුතර ජනතාව පුද්ගලික න්‍යාය පත්‍රයකට වැඩ කිරීම ගැන කනගාටුයි. රට ගැන සිතා අපට සහය දුන් සැමට ත්‍රිවිධ රත්නයේ පිහිට පතනවා.

– දිවයින

Sammy

Previous story Next story

Leave a comment

t

o

p