ඕස්ටේ‍්‍රලියාව පූසන් විසි ලක්‍ෂයක් මරා දමයි..

July 21, 2015

ඕස්ටේ‍්‍රලියාවට ආවේණික සත්ව විශේෂයන් ආරක්‍ෂා කිරීම සඳහා එරට රජය විසින් ආන්දෝලනාත්මක පස් අවුරුදු සැලැස්මක් ප‍්‍රකාශයට පත් කර ඇතැයි වාර්තා වේ. ඒ යටතේ ෆෙරල් පූසන් මිලියන 2ක් මරා දැමීමට සැලසුම් කර ඇතැයි පැවසේ.

ඕස්ටේ‍්‍රලියානු රාජ්‍ය පරිසර ඇමති ග්‍රෙග් හන්ට් පවසා ඇත්තේ ෆෙරල් බළලා හානිකර සත්වයකු ලෙස ලේඛනගත කර උගුල් ඇටවීම, වෙඩි තැබීම හා විෂ දීම වැනි විවිධ ක‍්‍රමවේදයන් මගින් මරා දැමීමට කටයුතු කරනු ඇති බවයි.

මෙම පියවර ගනු ලැබුවේ වල් බළලූන්ට ඇති අකමැත්තකට නොවන අතර උන් විසින් ඕස්ටේ‍්‍රලියානු සත්ව පද්ධතියට සිදුකරන හානිය නොඉවසිය හැකි නිසා බව එරට පළමු තර්ජනයට ලක්වූ ජීවීන් පිළිබඳ කොමසාරිස්වරයා වන ග්‍රෙගරි ඇන්ඩෲස් පවසා තිබේ.

ෆෙරල් පූසන නිසා ජීවි විශේෂ 120ක් පමණ වඳවී යාමේ තර්ජනයට මුහුණ පා සිටින බවට විද්‍යාත්මක සාක්‍ෂි අනාවරණය වී ඇතැයි ඔහු සඳහන් කර ඇත.

උතුරු ප‍්‍රදේශය තුළ ෆෙරල් පූසන්ගෙන් නිදහස් ප‍්‍රදේශ 10ක් පිහිටුවීමටද රජය විසින් තීරණය කර ඇතැයි පැවසේ.

ෆෙරල් පූසන් දඩයම් කිරීමට අමතරව සත්ව විශේෂ සඳහා ආරක්‍ෂිත බිම් සැකසීම හා වඳවීමේ අවදානම් සඳහා ක්‍ෂණික මැදිහත්වීම් සිදුකිරීමද පස් අවුරුදු සැලැස්මේ මූලික අංගයන් වේ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p