බදු සහනය නොදෙන ඉන්දියානු මෝටර් රථ අලෙවිකරන සමාගමක් ගැන රජයේ අවධානය

February 11, 2015

අයවැයෙන් ලබාදී තිබෙන බදු සහනයට සාපේක්ෂව මෝටර් රථවල මිල ගණන් අඩුකර නොමැති එක්තරා ඉන්දියානු මෝටර් රථ සමාගමක් සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුවී තිබේ.

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අද මාධ්‍ය වෙත පැවසුවේ එක්තරා ඉන්දියානු සමාගමක් රුපියල් 2,30,000 ක පමණ මිල අඩුකිරීමක් කළ යුතුව තිබෙන මෝටර් රථවල මිල අඩුකර තිබෙන්නේ රුපියල් 30,000 කින් පමණක් බවත් වහාම එය නිවැරදි කරන ලෙස ඉල්ලා සිටින බවයි.

මෙම ඉන්දියානු සමාගම මෙය නිවැරදි කිරීමට කටයුතු නොකරන්නේ නම් එයට එරෙහිව පියවර ගැනීමට රජය සූදානම් බව කරුණානායක මහතා කීය.

පාරිභෝගිකයින්ට මේ ආකාරයෙන් බොරු කිරීමට ඉඩ ලබාදිය නොහැකි බව හෙතෙම අවධාරණය කළේය.

නව රජයේ අතුරු අයවැය මගින් එන්ජින් ධාරිතාවය 1000 සී.සී. වලට වඩා අඩු මෝටර් රථ වලට අදාළ බදු සියයට 15 කින් අඩුකර ඇත.

adaderana

Sammy

Previous story Next story

Leave a comment

t

o

p