සිරකරුවන් 1000කට සමාව

February 4, 2015

හැට හත්වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් ජනාධිපති සමාව යටතේ සිරකරුවන් දහසකට ආසන්න පිරිසක් අද (4* නිදහස ලැබීමට නියමිතය. මිනීමැරුම්, ස්ත‍්‍රී ¥ෂණ, ළමා අපචාර, මං කොල්ල කෑම් ඇතුළු බරපතළ වැරැුදි තිහක් හැර සෙසු වැරදිවලට දඬුවම් නියම වී සිටි රැුඳවියන්ට පමණක් මෙසේ නිදහස හිමි වෙයි.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්ති ප‍්‍රකාරව ජනාධිපති පොදු සමාව යටතේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ලබා දෙනු ලැබූ පොදු සමා නියෝගය අනුව එම සිරකරුවන් මෙසේ නිදහස ලබයි.

ඒ අනුව වයස අවුරුදු 75ට වැඩි, දඩමුදල් ගෙවා ගත නොහැකිව සුළු වැරැුදි සම්බන්ධයෙන් සිරගතවූවන්ට මේ සමාව හිමි වන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා කියයි. මෙයට අමතරව දීර්ඝකාලීන සිරදඬුවම් හිමි වී ඇති වසර ගණනින් රැුඳවියකු ගෙවා දමන ලද වසර ගණනට සතිය බැගින් වූ පොදු සමා කාලයක් ද රැුඳවියන්ට නිදහස් දිනය වෙනුවෙන් පිරි නැමීමට ද පොදු සමා නියෝගය අනුව සිදුවන බව ද බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පවසයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p