පාර්ලිමේන්තුව අවට පාර වැහෙයි

January 27, 2015

67 වැනි ජාතික නිදහස් සමරුව වෙනුවෙන් පුහුණුවීම් සඳහා  (27) සිට පෙබරවාරි 4 වැනි දා දක්වා උදෑසන 8 සිට දහවල් 12 දක්වා පාර්ලිමේන්තු ක‍්‍රීඩාංගණය අවට මාර්ග කිහිපයක් වසා තැබෙන බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය දැනුම් දෙයි.

එ් අනුව අදාළ කාලය තුළ දී පාර්ලිමේන්තු පාර, වටරවුම් පාර, කොබ්බෑඩුව මාවත මෙලෙස වසා තැබෙන අතර විකල්ප මාර්ග ලෙස තලංගම හරහා බත්තරමුල්ල මාර්ගය භාවිත කළ හැකි ය.

එමෙන්ම එම වේලාව තුළදී ජපන් මිත‍්‍රත්ව පාලම වසා තැබෙන අතරවිකල්ප මාර්ග ලෙස බත්තරමුල්ල තලංගම හරහා කෝට්ටේ පාර එ් සඳහා භාවිත කිරීමේ හැකියාව පවතී.

මේ අතර, පෙබරවාරි 3, 4 යන දිනයන්හිදී දිවයින පුරා සියලූම රජයේ ගොඩනැගිලි, පාසල්, පෞද්ගලික ආයතන හා නිවෙස්වල ජාතික කොඩිය ඔසවා තැබීමට කටයුතු කරන ලෙස ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ඉල්ලීමක් කරයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p