ජනපතිවරණයට පෙර ‍පොලීසියේ ඉහළ පුටු වෙනසක්

November 16, 2014

ජනාධිපතිවරණය  ප්‍රකාශයට පත් කිරීමට පෙර ‍පොලීසියේ ඉහළ පුටු කිහිපයක වෙනසක් සිදුවනු  ඇති බව නීතිය හා සාමය පිළිබඳ  අමාත්‍යාංශ ආරංචි මාර්ග අනාවරණය කළේය. නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ‍ලේකම් ලෙස හිටපු ‍පොලිස්පති ආචාර්ය මහින්ද බාලසූරිය මහතා වැඩ භාර ගැනීමෙන් අනතුරුව ‍පොලිස් ස්ථානාධිපතිවරු, සහකාර ‍පොලිස් අධිකාරිවරු සහ කොට්ඨාසභාර ‍පොලිස් අධිකාරිවරු රැසකට ස්ථානමාරු ලැබිණි. ස්ථානාධිපතිවරු රැසකගේ ස්ථානාධිපතිධුරද අහිමි විය.
ඉදිරියේදී ඊට ඉහළ නිලධාරීන්ගේ ස්ථානමාරු ක්‍රියාත්මක වනු ඇති බව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ තොරතුරු අනාවරණය කළේය.
ඒ සියලු ස්ථානමාරු වීම් නියෝග නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශ ‍ලේකම්ගේ අනුමැතියෙන් ‍පොලීසියේ පිරිස් පාලන අංශය විසින් නිකුත් කරනු ලබයි. මෙයට පෙර මෙම නියෝග ක්‍රියාත්මක වූයේ ‍පොලිස්පති මගිනි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p