හෙරොයින් සමග ඇල්ලු ඉරාන ජාතිකයන් රදවා ප්‍රශ්න කරන්න අවසර

March 25, 2019

ඉරාන බහුදින ධිවර යාත්‍රාවකින් හෙ‍‍රොයින් ප්‍රවාහනය කරමින් සිටියදි අත්අඩංගුවට පත් ඉරාන ජාතිකයින් නව දෙනා මෙම මස 29 වෙනි දින තෙක් රඳවාගෙන ප්‍රශ්න කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (25) පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අවසර ලබා දුන්නාය.

මෙලෙස රඳවා ගැනිමට නියෝග ලැබුනේ වයස අවුරුදු 19-40 ත් අතර පසුවන ඉරාන ජාතිකයින් නවදෙනෙකුය.

මොවුන් ඉරානයේ සිට මෙරටට බහුදින ධිවර යාත්‍රාවකින් හෙරොයින් කිලෝ 107  ග්‍රෑම් 22 ක් ප්‍රවාහනය කරමින් සිටියදි පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරක් මත පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය හා ශ්‍රි ලංකා නාවික හමුදාව එක්ව ඊයේ (24) දින ගොඩබිමේ සිට මුහුදු සැතපුම් 10.5 දුරකදි වැටලිම් කර අත්අඩංගුවට ගෙන තිබුණි.

මේ අතර නාවික හමුදා රංගල වරායේ නවතා ඇති මොවුන් පැමිණි බහුදින යාත්‍රාව අද දින රජයේ රස පරික්ෂකවරයා විසින් පරික්ෂා කර තිබේ.

Iran heroin 3 Iran heroin 1

t

o

p