හොර අතීකාල කැපුවැයි වෘත්තිය සමිති නායකයා වර්ජනය කරන බව කියයි

March 20, 2019

රාජකාරි ඉටු නොකර ඉල්ලුම් කළ අතිකාල පැය 615 පැය 500 දක්වා අඩු කලෑයි කිපුණු දුම්රිය රියදුරන්නේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ නොහොත් කේ.ඩි ඉන්දික නැමැත්තා ඊට එරෙහිව වෘත්තිය ක්‍රියා මාර්ග ගන්නා බවට පාලන අධිකාරියට තර්ජනය කර ඇත.

මොහු රියදුරන්ගේ අයිතිවාසිකම් කප්පාදු කරන බව කියමින් මෙලෙස අරගලයක නිරත වන බව සිය සංගමයේ රියදුරන් වෙත පෙන්වා දී තිබේ.

සියලු රියදුරන් සම්බන්ධ කෙරෙන වට්ස්අප් ගෲප් එක හරහා රියදුරන්ට අසත්‍ය පතුරවමින් සිටින බව දුම්රිය රියදුරෙකු ප්‍රකාශ කළේය.

තමන් වැඩ නොකර අතීකාල ඉල්ලු බව නොකියමින් අතිකාල කරන රියදුරන්ගේ අතිකාල කපා දැමිමේ සැලසුමක් ඇතැයි කියමින් මොහු මෙලෙස රියදුරන් නොමග යවමින් සිටියි.

පාලන අධිකාරියද මොහුට බිය වී සිටින බව දුම්රිය සේවකයෝ පවසයි. සැබෑවටම නිවසට නොගොස් අතිකාල පැය 600 ක් පමණ රාජකාරි කරන දුම්රිය රියදුරන් සිටින අතර මෙවැනි හොරුන් ද සිටින බව දුම්රිය සේවකයෙකු ලංකා නිව්ස් පේජ් වෙත සදහන් කලේය.

ජනවාරි මස අතිකාල ඉල්ලුම් පත

ජනවාරි මස අතිකාල ඉල්ලුම් පත

 

අතිකාල ඉල්ලුම් කළ පෙර පුවත මෙතනින්

 

දුම්රිය වෘත්තීය සමිති නායකයෙකු මාසෙට ඇති පැය 720 න් 615 ක් අතිකාල දිමනා ඉල්ලයි

t

o

p