අය වැය හෙට (05) මුදල් ඇමති ලේකම් සමග පෙර සාකච්ඡාවක

March 4, 2019

දෙදහස් දහනවය වසරේ අය වැය ලේඛනය හෙට (05) පස්වරුවේ මුදල් අමාත්‍ය මංගල සමරවිර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිතය.

පාර්ලිමේන්තු කටයුතු හෙට පස්වරු 2.00 ට කතානායක කරු ජයසූරිය මහතා ගේ මූලාසනයෙන් ආරම්භ වන අතර විසර්ජන පනත හෙවත් අය වැය ලේඛනය මුදල් අමාත්‍යවරයා විසින් ඉන් අනතුරු ඉදිරිපත් කිරිමට නියමිතය.

අප්‍රේල් මස 05 දා දක්වා අය වැය විවාදය පැවැත්වෙන අතර තුන්වන වර ඡන්ද විමිසිමද එදින සවස පැවැත්වේ.

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පානදුර ගොරකානේ පිහිටි තම “Rainbow End” නිවසේ සිට අයවැය – 2019 පිළියෙල කරන අවසන් මොහොතේ දී භාණ්ඩාගාරයේ ලේකම් ආචාර්‍ය ආර්.එච්.එස් සමරතුංග මහතා සමග ගැඹුරු සාකච්චාවක නිරත වෙමින් සිටි අවස්ථාව ඡායාරූපයෙන් දැක්වේ.

අයවැය – 2019 වාර්තාව අනිද්දා මාර්තු 5 අඟහරුවාදා පස්වරුවේ දී මංගල සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

t

o

p