‘සුව සැරිය‘ පුත්තලමටත් යයි

October 25, 2018

”1990 සුව සැරිය”  ගිලන් රථ සේවයපුත්තලම් දිස්ත්‍රික්කයේ ජනතාවට නොමිලේ  ලබා ගැනීමට අවස්ථාව උදා කර ඇති බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසිය.

ඉන්දීය රජයේ පූර්ණ ත්‍යාගශීලි ආධාරයක් ලෙස 2016 ජූලි මස ආරම්භ වූ ගාස්තු රහිත 1990 සුව සැරිය ගිලන් රථ සේවය හදිසි රෝහල් ගත වීම සඳහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ලබා දෙයි. පූර්ව රෝහල් ප්‍රතිකාර සේවයක්ද සුවසරිය ගිලන්රථ සේවාව තුළදී හිමි වන බව රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා සඳහන් කළේය.

වයඹ පළාතට ගිලන් රථ 31ක් ඒ අනුව ලබාදෙන අතර  හලාවත සඳහා ගිලන් රථ 13 සහ කුලියාපිටියට ගිලන් රථ 18ක්  ලබා දීමට කටයුතු කර තිබේ. මේ දක්වා 1990 ලද දුරකතන ඇමතුම් සංඛ්‍යාව 699,979කට ක්ෂණික ප්‍රතිචාර දක්වා,115,641 වතාවක් ගිලන් රථ පිටත් කර යවා මිනිත්තු 12.54 වැනි සාමාන්‍ය කාලයක් තුළ රෝගීන් වෙත ළඟා වෙමින් හදිසි ප්‍රතිකාර අවශ්‍ය  රෝගීන් 104,203 ක් රෝහල් වෙත රැගෙන ගොස් තිබේ.

t

o

p