බ්‍රාවෝ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

October 25, 2018

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ තුන් ඉරියව් ක‍්‍රීඩක ඩ්වෙයින් බ‍්‍රාවෝ ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ. කෙසේ වෙතත් තමන් තවදුරටත් පන්දුවාර 20 ලීග් ක‍්‍රිකට් තරග සඳහා සහභාගී වන බවයි ඔහු ප‍්‍රකාශ කළේ ය. විස්සයි විස්ස ලෝක කුසලානය දිනාගත් අවස්ථා දෙකෙහිදීම ඞ්වෙයින් බ‍්‍රාවෝ කෙදෙව් කණ්ඩායම නියෝජනය කර තිබේ.

2004 වසරේ ක‍්‍රිකට් වරම් දිනාගත් ඞ්වෙයින් බ‍්‍රාවෝ අවසන් වරට කොදෙව් කණ්ඩායම නියෝජනය කළේ 2016 වසරේදීයි. කොදෙව් ක‍්‍රිකට් පාලක මණ්ඩලය සමඟ ඇතිකර ගත් අර්බුදයක් හේතුවෙන් බ‍්‍රාවෝ ඇතුළු ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයින් රැසක් වසර ගණනාවක්ම ජාතික කණ්ඩායම නියෝජනය කළේ නැත.

t

o

p