භාරකාර රජයක් පිහිටුවීම ශ්‍රීලනිප ප්‍රචාරයක් පමණයි ; ජ්‍යෙෂ්ඨ නායකයෙකුගෙන් හෙළිදරව්වක්

October 18, 2018

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය ඒකාබද්ධව භාරකාර රජයක් පිහිටුවන බවට ප්‍රචාරයක් ගෙන ගියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තවත් විකල්පයක් ඇති බව එක්සත් ජාතික පක්ෂයට ඇගවීමට යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ නායකයෙකු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට තොරතුරු සැල කර තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සතුව එවැනි විකල්පයක් ඇති බව ප්‍රකාශ කිරිමෙන් එක්සත් ජාතික පක්ෂය යම් පමණකින් පාලනය කිරිමට හැකිවනු ඇතැයි විශ්වාස කෙරුණු බවද ශ්‍රීලනිප අමාත්‍යවරයා අග්‍රාමාත්‍යවරයා හමුවේ තොරතුරු අනාවරණය කරමින් ප්‍රකාශ කරනු ලැබීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරයා ඉහත තොරතුරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දීමට අවශ්‍ය බව ප්‍රකාශ කළ පසු ඔහුව අගමැතිවරයා හමුවීමට යොමු කළ බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන හා මහනුවර සංවර්ධන අමාත්‍ය, සභානායක ලක්ෂමන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.

t

o

p