ජි.එස්.පි ප්ලස් දෙන්න යුරෝපා සංගමයේ නියෝජිත කණ්ඩායමක් ලංකාවට

April 12, 2017

ශ්‍රී ලංකාවට අහිමි කෙරුණු ජි.එස්.පි ප්ලස් බදු සහනය යළි දිම සඳහා තාක්ෂණික අධ්‍යනයකට යුරෝපා සංගමයේ ඉහළ පෙළේ නියෝජිත කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණ සිටිති.
යුරෝපා සංගමයේ නියෝජිත කණ්ඩායම සකසන තාක්ෂණික වාර්තාව අප්‍රේල් 19 වන දින බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවැත්වෙන යුරෝපා සංගම් විශේෂ සැසිවාරයකට ඉදිරිපත් කෙරේ.
ශ්‍රී ලංකාවට පැමිණ සිටින යුරෝපා සංගමයේ තාක්ෂණ කණ්ඩායම මෙරට ආර්ථිකයේ ස්ථාවර බව, මානව හා කම්කරු අයිතිවාසිකම් සම්බන්ධයෙන් යහපාලන ජාතික රජය ලබා ඇති ප්‍රගතිය විශේෂයෙන් අධ්‍යයනය කිරිමට නියමිතය.
යුරෝපා සංගම් තාක්ෂණ කමිටු වාර්තාව බ්‍රසල්ස්හි දි එළිදැක්විමෙන් පසු මැයි මාසයේ සිට ශ්‍රී ලංකාවට යළිත් ජි.එස්.පි බදු සහනය හිමිවේ.
ජි.එස්.පි ප්ලස් බදු සහනය හිමිවිමෙන් පසු මෙරටට මිලියන 30 ක වෙළෙද පොලක් හිමිවේ.

t

o

p