Local News

බෙවර්ලි ස්ට්‍රීට් නවතම ශාඛාව රාජගිරියේදී

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විලාසිතා අලෙවිසැල් ජාලයක් වන බෙවර්ලි ස්ට්‍රීට් හි නවතම ශාඛාව ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ ප්‍රධානත්වයෙන් රාජගිරියේදී විවෘත කරනු ලැබීය. මෙම අවස්ථාවට ආරාධිත අමුත්තාවූ ආරක්ෂක ලේකම්වරයා පැමිණීමෙන් අනතුරුව‍ පීත්ත පටිය කපා සාම්ප්‍රදායික පොල් තෙල් පහන දැල්වීමෙන් මෙම ශාඛාව විවෘත කරනු ලැබීය. ඉන්පසුව රාජපක්ෂ මහතා ඇතුළු පිරිස මෙම Read More

ලංකාව පළමු වරට බංග්ලාදේශයෙන් සහල් ගෙන්වයි..

මෙරටට සහල් මෙටි‍්‍රක් ටොන් විසිපන්දහසක් ආනයනය කිරීම සඳහා ශ‍්‍රී ලංකාව හා බංග්ලාදේශය ගිවිසුමකට එළඹ තිබේ. ඒ වෙනුවෙන් ලංකා සතොස සභාපති නලින් ප‍්‍රනාන්දු මහතා හා බංග්ලාදේශයේ ආහාර අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජෙනරාල් සර්වා ඛාන් මහතා අත්සන් තබා තිබේ. මෙය බංග්ලාදේශය විදෙස් රටකට සහල් අපනයනය කරන පළමු අවස්ථාව මෙන්ම ශ‍්‍රී ලංකාව බංග්ලාදේශයෙන් සහල් ආනයනය කරන පළමු අවස්ථාවද වේ.

වෙළෙඳපොළ වාසියත් ජනතාවට – පෙට්‍රල් ඩීසල් භූමිතෙල් මිල පහතට

සියලුම පෙට්‍රල් වර්ගවල සහ සියලුම ඩීසල් වර්ගවල මිල ගණන් සහ භූමිතෙල් මිල ගණන් වහා ම ක්‍රියාත්මක වන පරිදි ඊයේ (05) මධ්‍යම රාත්‍රියේ සිට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් අනුව අඩුකළ බව ඛනිජතෙල් කර්මාන්ත අමාත්‍ය අනුර ප්‍රියදර්ශන මහතා පවසයි. පෙට්‍රල් (92 ඔක්ටේන්)  සහ (95 ඔක්ටේන්) රුපියල් හතකින් ද, ඔටෝ ඩීසල් රුපියල් හතකින් ද, සුපර් ඩීසල් (4 Read More

බෞද්ධ භික්‌ෂුවක්‌ හමුවේ පැරැදුණු මහා ඇලෙන්සැන්ඩර් අධිරාජ්‍යයා

ග්‍රීසියට අයත් මැසිඩෝනියාවේ රජකමට පත් ඇලෙක්‌සැන්ඩර් කුමරු යුරෝපයේ සිට ගොඩබිම හරහා ඉන්දියාව දක්‌වා අධිරාජ්‍යයක්‌ ගොඩනැඟූ පළමු යුරෝපීය පාලකයා විය. මහා දිග්විජයකරුවකු වූ හේ ඉතිහාසයෙහි හැඳින්වෙන්නේ මහා ඇලෙක්‌සැන්ඩර් නමිනි. ක්‍රි.පූ. 336 දී රජ වී වසර දෙකකට පසු ඇරැඹුණු අධිරාජ්‍යය ගොඩනැංවීම තුළින් තුර්කිය, ඉරානය, ඉරාකය, ඇෆ්ගනිස්‌ථානය හරහා භාරතයේ පන්ජාබ් ප්‍රදේශය දක්‌වා මහා අධිරාජ්‍යයක්‌ ඇතිකරන ලදී. වයස විස්‌සේදී Read More

ජනාධිපති ධුරය අහෝසි කරන්නේ නෑ.. – සිරිසේන අමුතු කතාවක් කියයි..

2015 ජනවාරි ජනාධිපතිවරණයෙන් තමා ජයග්‍රහණය කළ හොත්, දින සියයක් ඇතුළත විධායක ජනපති ක්‍රමය අහෝසි කරන නමුත් පළාත් සභා සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පවරා තිබෙන විධායක බලතල දිගටම ජනාධිපති පදවිය සතු වන බව පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන පවසයි. හිටපු සෞඛ්‍යය අමාත්‍ය, ජනාධිපති ධූර පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන ඒ බව කියා සිටියේ, කොළඹ පිහිටි සිය නිල නිවසේ දී Read More

ලෝක පාංශු දිනය අද

කෘෂිකර්ම අමාත්‍යාංශය සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එක්ව ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ සහයෝගය ඇති ව ලෝක පාංශු දිනය සැමරීමට කටයුතු යොදා ඇත. ඒ අනුව පාංශු දින ජාතික සැමරුම් උත්සවය ගන්නෝරුව, පැළෑටි ජාන සම්පත් මධ්‍යස්ථානයේදී අද පැවැත්වේ. 2013 වසරේදී පවත්වන ලද 68 වැනි එක්සත් ජාතීන්ගේ සමුළුවේදී ලෝක පාංශු දිනය ලෙස දෙසැම්බර් 05 දිනය ප‍්‍රකාශයට පත් කර ඇත. Read More

ව්‍යවස්ථාව හැදිය යුත්තේ ජනතාවගේ උවමනාවන්ට අනුවයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමේදී සැලකිල්ලට ගත යුත්තේ ජනතාවගේ අභිලාෂයන්ට අනුව මිස එක් එක් අයගේ පුද්ගලික දුක්ගැනවිලි වලට අනුව නොවන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි. එම පක්ෂයේ මධ්‍යම කාරක සභික පුබුදු ජයගොඩ මේ බව පැවසුවේ දෙසැම්බර් 3 දින ගාල්ල ක්‍රීඩා මණ්ඩප ශ්‍රවනාගාරයේදී පැවති “වමේ පියවර” සම්මන්ත්‍රනයකදීය. රතන හිමි ව්‍යවස්ථා සංශෝදනයක් ඉල්ලන්නේ ඇමති ධුර සිතුසේ මාරු කිරීමට Read More

බි‍්‍රතාන්‍යය පුරා අභිරහස් පිපිරීම්.. ලෝක විනාශයේ පෙරනිමිත්තක්..?

පසුගිය සෙනසුරාදා බි‍්‍රතාන්‍ය වේලාවෙන් රාත‍්‍රී 10.30ට පමණ අභිරහස් පිපුරුම් ශබ්ද රැසක් ඇසී ඇතැයි වාර්තා වේ. ඇබර්ඞීන්, ඩෙවොන්, නොර්විච් ඇතුළු ප‍්‍රදේශ ගණනාවකින් මෙම පිපුරුම් හඬ ඇසුණු බව වාර්තාවී ඇති අතර ඒ වේලාවේදීම ඇමරිකාවේ බෆලෝ ප‍්‍රදේශයටද ඒ හා සමාන ශබ්දයක් ඇසී ඇතැයි පැවසේ. සුළු වේලාවකට පසු අභිරහස් ශබ්දයන් පිළිබඳව සමාජ ජාල තුල තොරතුරු හුවමාරුවී ඇති අතර ඊට Read More

ඇඹිලිපිටියේ ඉදිකළ විශාලතම ජනතා පොළ අද ජනතා අයිතියට

මහින්ද චින්තන ඉදිරිදැක්ම” යථාර්ථයක් කරමින් මෙරට ඉදිකෙරුණු විශාලතම සතිපොළ ලෙස සැලකෙන ඇඹිලිපිටිය සතිපොළ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (03) ජනතා අයිතියට පත්කිරීමට නියමිතය. නවීන අංගෝපාංගයන්ගෙන් සමන්විත ව ඉදිවූ මෙහි ව්‍යාපාරික කටයුතු මෙන් ම බහුකාර්ය වැඩ කටයුතු සඳහා යොදාගත හැකි ලෙස විශේෂ වේදිකා සහිත ව ගොඩනැගිලි 03 මෙහි ඉදිකර ඇත. යාබද විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය හා Read More

t

o

p