Local News

සම්බන්ධීකරණ කාරක සභාවේ සාමාජිකයෝ පත් කෙරෙති.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 125 හි විධිවිධාන ප්‍රකාරව නවවැනි පාර්ලිමේන්තුව සඳහා සම්බන්ධීකරණ කාරක සභාව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (23) නිවේදනය කළේය. කථානායකවරයාගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක මෙම කාරක සභාවට නියෝජ්‍ය කථානායකවරයා, නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා, පාර්ලිමේන්තුවේ සභානායකවරයා, පාර්ලිමේන්තුවේ විරුද්ධ පාර්ශ්වයේ නායකවරයා, ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකවරයා, විරුද්ධ පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකවරයා සහ ආචාර ධර්ම හා වරප‍්‍රසාද පිළිබඳ Read More

රක්ෂිතය අනවසරයෙන් එළිකළ බද්දේගම ප්‍රාදේශිය සභා මන්ත්‍රී අල්ලයි

බද්දේගම, තිබිල්ල රක්ෂිතය අනවසරයෙන් එළිපෙහෙළි කළ බද්දේගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය. එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, 33 හැවිරිදි පුද්ගලයෙකු වන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය. සැකකරු ඊයේ (23) බද්දේගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව Read More

රාජගිරියේ අනතුරින් උප පොලිස් පරික්ෂක හා ලොරි සහායකයා මරුට

රාජගිරියේදී අද (23) උදෑසන සිදුවූ රිය අනතුරකින් පොලිස් හදිසි ඇමතුම් ඒකකයට අනුයුක්තව සිටි උප පොලිස් පරීක්ෂකයෙක් සහ තවත් අයෙක් මරුමුවට පත්වී තිබේ. රාජගිරිය, ආයුර්වේද වටරවුම සහ ගුවන් පාළම ආසන්නයේ පොලිස් මාර්ග බාධකයක සිටි නිලධාරීන් පිරිසක් අධික වේගයෙන් පැමිණි වෑන් රථයක ගැටී තිබේ. ඉන් එක් නිලධාරියෙක් මරණයට පත්වී ඇති අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නැවතත් කෝප් කමිටුව හමුවට…

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නැවතත් එළඹෙන අප්‍රෙල් 06 වැනිදා කෝප් කමිටුව හමුවට කැඳවා තිබේ. මීට පෙර පසුගිය පෙබරවාරි 11 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කෝප් කමිටුවට කැඳවූ අවස්ථාවේදී ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් නිසි සූදානමකින් තොරව පැමිණිම හේතුවෙන් රැස්වීම අතරමගදී අත්හිටුවනු ලැබූ අතර, නැවත කෝප් කමිටුව හමුවට පැමිණිමට මාසයක කාලයක් ලබා දෙන බව දන්වන ලදී. පාර්ලිමේන්තු මන්ත්‍රී Read More

ලෝක කාලගුණ විද්‍යා දිනය හෙට (23)

ලෝක කාලගුණ විද්‍යා සංවිධානය (World Meteorological Organization) 1950 වසරේ මාර්තු මස 23 වනදා ස්ථාපිත කරන ලද අතර, එදා සිට සෑම වසරකම මාර්තු මස 23 වනදා ලෝක කාලගුණ විද්‍යා දිනය (World Meteorological Day) ලෙස ලොව පුරාම සමරනු ලැබේ. ලොව රාජ්‍යයන් 193ක් සාමාජිකත්වය දරන ලෝක කාලගුණ විද්‍යා සංවිධානයේ සියලුම සාමාජික රාජ්‍යයන් විසින් ලෝක කාලගුණ විද්‍යා දිනය සැමරීමට Read More

චීන එන්නත සති දෙකකින් ශ්‍රී ලංකාවට

චීනයේ නිෂ්පාදිත “සයිනොෆාම්” කොවිඩ් මර්දන එන්නත සති 02ක් ඇතුළත මෙරටට ගෙන ඒමට හැකි වෙතැයි ඖෂධ නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය ජන්න ජයසුමන පවසනවා. ඔහු කියා සිටියේ “සයිනොෆාම්” කොවිඩ් මර්දන එන්නත මෙරට හදිසි භාවිතය සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ විශේෂඥ කමිටුව විසින් දැනටමත් අවසරය ලබා දී ඇති බවයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල රාත්‍රි කාලයේදී ගිගුරුම් සහිත වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සබරගමුව, බස්නාහිරසහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ක පමණ තද වැසි ද ඇතිවිය හැක. මධ්‍යම, සබරගමුවසහ බස්නාහිර පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි Read More

මෙරට කොවිඩ් මරණ ගණන 545ක් දක්වා ඉහළට

මෙරට කොවිඩ් මරණ ගණන 545ක් දක්වා ඉහළ ගොස් තිබේ. ගතවු පැය 24ක කාලය තුළ කොරෝනා ආසාදිතයින් 349 දෙනෙකු හදුනා ගත් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. ඒ, කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 191 දෙනෙකු ඊයේ රාත්‍රීයේ හඳුනා ගැනීමත් සමගයි. ඒ අනුව කොවිඩ්-19 වෛරසය ආසාදිත බවට හඳුනාගෙන ඇති මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 89,846ක් දක්වා Read More

බදුල්ල පස්සර මාර්ගයේදී සිදු වූ බස් රථ අනතුරේ CCTV

බදුල්ල පස්සර මාර්ගයේදී සිදු වූ බස් රථ අනතුරේ CCTV දර්ශන මාධ්‍ය වෙත ලැබී තිබේ. බස් රථය ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ මෙම අනතුරින් පුද්ගලයින් 13 දෙනෙකු මිය ගොස් 31 දෙනෙකු තුවාල ලබා ඇත.

ප්‍රියංක ප්‍රනාන්දුට විරුද්ධව වෙස්ට්මින්ස්ටර් මහෙස්ත්‍රාත් අධිකරණය මගින් ලබා දී තිබු තීන්දුව ඉවතට

එක්සත් රාජධානියේ මහාධිකරණය විසින් ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලෙස සේවයේ නියුතු ව සිටි මේජර් ජෙනරාල් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට විරුද්ධව වෙස්ට්මින්ස්ටර් මහෙස්ත්‍රාත් අධිකරණය මගින් ලබා දී තිබු තීන්දුව ඉවතදමා තිබෙනවා. ඒ අනුව, එම මහෙස්ත්‍රාත් අධිකරණය විසින් 2019 දෙසැම්බර් 06 වනදා ලබා දුන් තීන්දුව ඉවතදමා මේජර් ජෙනරාල් ප්‍රනාන්දු එම චෝදනාවෙන් නිදහස්කර ඇත.

t

o

p