Sports

පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට

සිම්බාබ්වේ – ශ්‍රී ලංකා එක්දින තරඟාවලියේ පළමු තරඟයෙන් කඩුළු 8ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ඒ සිම්බාබ්වේ හරාරේ හි පැවැති  තරඟයේදී සිම්බාබ්වේ කණ්ඩායම සියලුදෙනා දැවී ලබාගත් ලකුණු 154 ශ්‍රී ලංකාව පන්දුවාර 24.3ක් අවසානයේ කඩුළු 2ක් පමණක් දැවී ජය ගැනීමත් සමගය.

රංගන හේරත්ගෙන් ලෝක වාර්තාවක්

සිම්බාබ්වේ කණ්ඩායම සමගින් හරාරේහිදී පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය වූ ඊයේ (08) විශිෂ්ට පන්දු යැවීමට නිතර වූ ශ්‍රී ලංකා නායක රංගන හේරත් කඩුලු 05ක් බිඳලීමට සමත්වූ අතර, පන්දුවාර 26කදී ඔහු වැයකළේ ලකුණු 89ක් පමණි. හේරත් දවාගත් මෙම කඩුලු පහත් සමගින් ඔහු ලොව ටෙස්ට් ක්‍රීඩාකරන සෑම රටකටම එරෙහිව කඩුලු 05 බැගින් බිඳහෙලා Read More

කාන්තා ක්‍රිකට් පිලේ පුහුණුකරු දේවප්‍රිය

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකරුවා වශයෙන් හේමන්ත දේවප්‍රිය මහතා පත්කරනු ලැබ තිබේ. ඔහුගේ සාහයක පුහුණුකරුවා වශයෙන් ශ්‍රී ලංකා දඟ පන්දු සංචිතයේ හිටපු පුහුණුකරුවකු වන ඕෂධී වීරසිංහ මහතා පත්කරනු ලැබ ඇත. ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකාරීත්වයද දරා ඇති දේවප්‍රිය මහතා එංගලන්ත ක්‍රිකට් ආයතනය මඟින් පවත්වන ක්‍රිකට් පුහුණු කිරීමේ අදියර 3 පාඨමාලාව සහ ශ්‍රී Read More

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් 100ක් එක්ක ශ්‍රී ලංකා ක්‍රිකට් ගිවිසුමක

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන ක්‍රීඩකයින් 100 දෙනෙකු සමඟ ගිවිසුම්ගතවීමට තීරණය කර ඇති අතර එහි පළමු පියවර ලෙස යොවුන් නැගී එන සහ ජ්‍යෙෂ්ඨ වශයෙන් වර්ගීකරණය කොට ක්‍රීඩකයින් 65දෙනෙකු සමඟ ගිවිසුමකට එළැඹීමට නියමිතය. ඊයේ (10) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පැවති මාධ්‍ය හමුවකදී එම ක්‍රීඩකයින් 65දෙනොගේ නාම ලේඛනය එළිදැක්වූ අතර, එහිදී Read More

16 වැනි LSR Colombo Marathon හෙටයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ වාර්ෂික ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරඟය වන LSR Colombo Marathon තරඟාවලිය 16 වැනි වරටත් හෙට (02) දිනයේදී පැවැත්වේ. මෙවර තරඟය කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයෙන් ආරම්භ කර බොරැල්ල, දෙමටගොඩ, පෑලියගොඩ, වත්තල සහ හැමිල්ටන් ඇළ මාර්ගය අසල ඇති මුතුරාජවෙල වගුරු බිමේ සුන්දරත්වය අත්විඳිමින් පමුණුගම, තලාහේන, පිටිපන සහ දූව හරහා මීගමුව වෙරළ ආසන්නයට ළඟාවීමට නියමිතය. ගෝලීය දිගු Read More

නුවන් කුලසේකරව අත්අඩංගුවට ගෙන ඇප දෙයි

කොළඹ-නුවර මාර්ගයේ කඩවත,රන්මුතුගල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීමකට අදාළව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නුවන් කුලසේකර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. නුවර සිට ‍කොළඹට සිය මෝටර් රථයෙන් පැමිණෙමින් සිටි කුලසේකර පැමිණි රථයට රන්මුතුගල ප්‍රදේශයේදී යතුරුපැදියක ගමන් කරමින් සිටි 28 හැවිරිදි තරුණයෙකු හැපීමෙන් මෙම අනතුර සිදුව ඇත. ‍තරුණයා ගමන් කරමින් සිටි යතුරුපැදියෙන් ඇදවැටීමෙන් පසු Read More

ආසියානු ක්‍රිකට් මූලස්ථානයට ලක්‍ෂ 190

සිංගප්පූරුවේ සිට ශ්‍රී ලංකාවට ගෙන එන ලද ආසියානු ක්‍රිකට් සභාවේ මූලස්ථානය සඳහා ඉදිකරන ලද ගොඩනැඟිල්ල වෙනුවෙන් රුපියල් මිලියන 19 ක හෙවත් රුපියල් ලක්‍ෂ 190 ක වියදමක් දැරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සිදුව ඇතැයි වාර්තා වේ. වාර්තා වන අන්දමට සාමාජිකයන් 25 දෙනකුගෙන් යුත් ආසියානු ක්‍රිකට් සභාව සඳහා ඉදිකර ඇති මෙම ගොඩනැගිල්ල ඉතාමත් කෙටි කාලයකින් ගොඩනැගීම හේතුවෙන් Read More

ඩිල්ෂාන් සමුගනියි

වසර 17ක සිය අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩා දිවියේ අවසන් තරගය ඔස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කළ ශ්‍රී ලංකාවේ හිිටපු ක්‍රිකට් නායකයෙකු මෙන්ම ආරම්භක පතිකරු තිලකරත්න ඩිල්ෂාන් සම්පූර්ණයෙන්ම අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගත්තේය.

ශ්‍රී ලංකාවේ විස්සයි 20 වාර්තාව ඔස්ට්‍රේලියාව අලුත් කරයි

විස්සයි 20 පිටියේ කණ්ඩායමක් රැස්කළ වැඩිම ලකුණු ප්‍රමාණයට ශ්‍රී ලංකා කණ්ඩායම තබා තිබූ ලකුණු 260ක වාර්තාව ඔස්ට්‍රේලියා කණ්ඩායම විසින් ශ්‍රී ලංකාවට එරෙහිව බිඳ දැමීය. ඔස්ට්‍රේලියා කණ්ඩායම ලකුණු 263 කඩුලු 3 යි.

අවසන් සටනෙනුත් කැන්ගරුවන්ට ජය

ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කර පල්ලේකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඊයේ (04දා) නිමාව දුටු පස්වැනි හා අවසාන එක්දින තරගයෙන් කඩුලු 05ක ජයක් ලැබීමට සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය. මෙම තරගයේ ජයග්‍රහණයත් සමග එක්දින තරගාවලිය තරග 4-1ක් ලෙස ජයගැනීමට ඔස්ට්‍රේලියාවට හැකිවිය.

t

o

p