Sports

ආසියානු මලල ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවට තවත් පදක්කමක්

ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී තවත් පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී තිබේ. ඒ වයස අවුරුදු 20න් පහළ ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ 4X400 මිශ්‍ර සහාය දිවීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වීමත් සමගයි. තරගාවලිය ඊයේ (26) ඩුබායි හිදි පැවැත්විය.

අවසන් එක්දින තරගය වාර්තා රැසක් සමග ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වෙයි

දකුණු අප්‍රිකානු කණ්ඩායම සමඟ පැවති අවසන් එක්දින තරගය වාර්තා රැසක් සමග ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය. මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුළු 5ක් දැවී ලකුණු 301ක් රැස්කර ගැනීමට සමත් විය. එහිදි නායිකා ලෝරා වොල්වඩ් ලකුණු 184ක් රැස් කළාය. ඊට දැවැන්ත හයේ පහර 4ක් සහ හතරේ Read More

ෆොක්ස්හිල් සුපර් ක්‍රොස් තරගාවලිය 21දා

මෙරට මෝටර් රථ හා යතුරුපැදි ක්‍රීඩාවේ ප්‍රමුඛතම තරගාවලිය ලෙස සැලැකෙන ‘ෆොක්ස් හිල්‘ සුපර්ක්‍රොස් තරගාවලිය වසර 5ක විරාමයකට පසු ලබන 21 වැනිදා දියතලාව නරියකන්දේ දී පැවැත් වේ. ‘ෆොක්ස් හිල්‘ සුපර්ක්‍රොස් තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ 28 වැනි වරටය. අවසන් වරට 2019 අප්‍රේල් මස 21 වැනිදා පැවැති 27 වැනි තරගාවලිය එදින සිදුවූ පාස්කු ප්‍රහාරය හේතුවෙන් අතරමඟ නැවැත්වීමට සිදුවී තිබූ Read More

IPL වාර්තා අලුත් කළ සුපිරි තරගය

IPL තරගාවලියේ RCB කණ්ඩායම සහ SRH කණ්ඩායම අතර ඊයේ පැවති සුපිරි ක්‍රිකට් තරගය වෙත ලෝකයේම අවධානය යොමුවිය. SRH කණ්ඩායම පන්දුවාර 20 දී කඩුලු 03ක් දැවී ලකුණු 287ක් ලබා ගත් අතර එය IPL පිටියේ කණ්ඩායමක් ලැබූ ඉහළම ලකුණු සංඛ්‍යාවයි. තරගයේ දී RCB කණ්ඩායම ද කඩුලු 07ක් දැවී ලකුණු 262ක් ලබා ගැනීමට සමත් වුණි. ඊයේ පැවති තරගය Read More

යුපුන් අබේකෝන්ට සුපිරි ජයක්

ශ්‍රී ලංකා සුපිරි ධාවන ශූර යුපුන් අබේකෝන් ඉතාලියේ පැවති තරගාවලියක මීටර් 150 ඉසව්වේ ජය හිමිකරගෙන තිබේ.ඉතාලියේ ෆ්ලෝරන්ස් ස්ප්‍රින්ට් තරගාවලියේ මීටර් 150 ඉසව්වට එක්වූ යුපුන් මීටර් 150 ඉසව්ව තත්පර 15යි දශම 1යි 9ක කාලයකින් අවසන් කරමින් එම ඉසව්වේ පළමු ස්ථානය මෙලෙස හිමිකරගෙන ඇත.එම කාලය මීටර් 150 ඉසව්වේදි ඔහු මෙතෙක් වාර්තා කළ දෙවැනි වේගවත්ම කාලයයි.මීටර් 150 ඉසව්වේ Read More

ආසියාවම බබලවා ඩිලන්ත දිවයිනට

ප්‍රංශයේ පෝල් රිකාට් ධාවන පථයේ පැවති යුරෝපියානු ජී.ටී.- 4 මෝටර් රථ ධාවන ශූරතා තරගාවලියට සහභාගී වී , එයින් දෙවන ස්ථානය දිනා ගත් ශ්‍රී ලාංකික මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාළගමුව මහතා ඊයේ(10) දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය. මෙම තරගය ඉකුත් 05 , 06, සහ 07 යන දින වල ලෝකයේ රටවල් 40 ක මෝටර් Read More

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරග කාලසටහන නිකුත් කරයි

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරග කාලසටහන නිකුත් කර තිබේ. එහි සමාරම්භක උත්සවය ජූලි පළමුවනදා පැවැත්වෙන අතර පළමු තරගය පස්වරු 7.30ට නුවර සහ දඹුල්ල කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතයි. තරග කාල සටහන පහතින්

මාර්තුවේ ICC ක්‍රීඩක සම්මානයට කමිඳු නිර්දේශ වෙයි

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල මාර්තු මස ක්‍රිකට් ක්‍රිඩක සම්මානය සදහා ශ්‍රී ලංකාවේ තුන්ඉරියව් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් නිර්දේශවී තිබේ. බංග්ලාදේශය සමග පැවැති ක්‍රිකට් තරගාවලියේ පන්දුවාර 20 සහ ටෙස්ට් තරගවලදී දැක්වූ දක්ෂතා හේතුවෙන් කමිඳු ඒ සදහා නිර්දේශවී ඇත. කමිඳු මෙන්ඩිස් සමග නවසීලන්තයේ වේගපන්දු ක්‍රිඩක මැට් හෙන්රි සහ අයර්ලන්තයේ වේගපන්දු ක්‍රිඩක මාර්ක් ඇඩෙයාර් මාර්තු මස ICC ක්‍රීඩක සම්මානයට නිර්දේශවී Read More

ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 192කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (03) සමත් විය. ඒ අනුව තරග දෙකකින් සමන්විත වූ තරගාවලිය තරග 2 – 0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුණි. තරගය ජය ගැනීම සඳහා ලකුණු 511ක ඉලක්කයක් හඹා ගිය සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම තරගයේ පස්වන දිනයේ දී Read More

හංසනී ගෝමස්ගෙන් නවතම වාර්තාවක්

තායිලන්තයේ පැවැත්වෙන ලෝක ශූරතා බර ඉසිලීමේ තරගාවලියේදී නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට හංසනී ගෝමස් සමත් වී තිබේ. මෙම තරගාවලිය ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ තරගාවලියක් ලෙසද ක්‍රියාත්මක වන බවයි වාර්තා වෙයි. ඇය ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කිලෝග්‍රෑම් 49 බර පන්තියෙන් තරග වැදුණු අතර ස්නැච් ක්‍රමයට කිලෝග්‍රෑම් 76ක බරක් ඔසවමින් නව ජාතික වාර්තාවක් පිහිටුවිමට සමත් විය.

t

o

p