රන්ජන්ගේ එජාප සාමාජිකත්වය අහෝසියි

January 15, 2020

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව තහනම් කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කරයි.

තාවකාලිකව අහෝසි කළ පක්ෂ සාමාජිකත්වය සම්බන්ධයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩලයට කරුණු ඉදිරිපත් කැර ඉදිරි තීරණ ගනු ලබන බව සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදී එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා  පැවසීය.

ඉදිරි කාලයේ රන්ජන් රාමනායක මහතාගේ තහනම් කළ සාමාජිකත්වය ගැන අනුමැතියක් ලබාගැනීමට රැස්වීමට නියමිත කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී අනුමැතියට ඉදිරිපත් කරන බව මහලේකම් අකිල විරාජ් මහතා කියා සිටියේය.

t

o

p