ලංකාවේ පොහොසත්ම පක්ෂය ජවිපෙ

April 5, 2017

මැතිවරණ දෙපාර්තමේන්තුවට ඒ ඒ පක්ෂ විසින් ලබාදී අති මූල්‍ය වාර්තා අනුව ඉකුත් 2016 වසරේ ලංකාවේ ‍පොහොසත්ම දේශපාලන පක්ෂ ජනතා විමුක්ති පෙරමුණ බව කැෆේ සංවිධානය පවසයි.
එම වාර්තාවේ සඳහන් අන්දමට ඉකුත් 2015 දෙසැම්බර් 31 දා වන විට ජනතා විමුක්ති පෙරමුණෙහි ආදායම රුපියල් 87,196,322ක් බව එම සංවිධානය පවසයි.
තොරතුරු දැනගැනීමේ පනතේ විධිවිධාන යටතේ මැතිවරණ දෙපාර්තමේන්තුව වෙතින් ලබාගත් මෙම තොරතුරු ජාත්‍යන්තර සංවිධාන විසින් ප්‍රසිද්ධියට පත්කොට ඇත.
එම වාර්තා අනුව එක්සත් ජාතික පක්ෂයේ 2015 ආදායම රුපියල් 36,317,486ක් වන අතර ශ්‍රී ලංකා නිදහස් ප්කෂයේ 2015 ආදායම 19796,009කි. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ 2015 ආදායම, ආධාර ලෙස ලැබුණ රුපියල් 2423194ක් බව එහි සඳහන් කර ඇත. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ආදායම 2015දී රුපියල් 1845000ක් වන අතර ලංකා කම්කරු කොංග්‍රසයේ ආදායම රුපියල් 115 611 663කි. ජාතික හෙළ උරුමයේ 2015 ආදායම රුපියල් 1851 133ක් වන  අතර ඉන් රුපියල් 213880ක් පක්ෂ නායක චම්පික රණවක මහතා සිය වැටුපෙන් පරිත්‍යාග කළ බව මැතිවරණ කොමිසම වෙත ලබාදී ඇති ගිණුම් වාර්තා අනුව පැහැදිලි වන බව කැෆේ සංවිධානය පවසයි.
ජනතා විමුක්ති පෙරමුණ සිය පාර්ලිමේන්තු මන්ත්‍රී, පළාත් සභා මන්ත්‍රී වැටුප් හා වාහන විකිණීමෙන් ලැබූ ආදාය පවා සවිස්තරාත්මක ලෙස ගිණුම් වාර්තාවේ දක්වා තිබිම විශේෂතත්ත්වයක් බවත් කැෆේ සංවිධානය පවසයි.

t

o

p