එජාප ජනතා නියෝජිතයන්ට අගමැති රනිල් ගෙන් අනිවාර්ය නියෝගයක්

March 16, 2017

එක්සත් ජාතික පක්ෂයේ සියළුම මැති ඇමතිවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සතියට එක් දිනක් පූර්ණ කාලීන දේශපාලන කටයුතුවල යෙදිය යුතු බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් දුන් මේ උපදෙස්වලට අනුව එක්සත් ජාතික පක්ෂ කැබිනට් ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අනිවාර්යයෙන්ම සතියකට එක් දිනක් තම මැතිවරණ කොට්ඨාශවල රැදී සිටිමින් පක්ෂ දේශපාලන කටයුතුවල නිරතවීමට නියමිතය.
එක්සත් ජාතික පක්ෂය විසින් මැයි මාසයේ සිට ආරම්භ කරනු ලබන දේශපාලන ව්‍යාපාරයට අවශ්‍ය පදනම සකස් කිරිම සඳහා අග්‍රාමාත්‍යවරයා මේ උපදෙස් නිකුත් කර තිබේ.
සිංහල අලූත් අවුරුද්ද අවසන්වීමත් සමඟ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දුන් උපදෙස් අනුව එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරු තම දේශපාලන කටයුතු ආරම්භ කිරිමට නියමිතය.

t

o

p