මන්ත්‍රී දිනේෂ්ට සතියක් පාර්ලිමේන්තුව තහනම්

March 8, 2017

වෙනම කණ්ඩායමක් ලෙස පිළිගන්නා ලෙස කළ විමල් විරවංශ මහතාගේ ප්‍රතික්ෂේප කිරිමත් සමඟ සභාවේ කටයුතුවලට දිගින් දිගටම බාධා කරමින් හැසිරුණු දිනේෂ් ගුණවර්ධන මහතා සභාවෙන් ඉවත් කිරිමට කතානායක කරු ජයසුරිය මහතාගේ නියෝගය මත පොලිසිය පැමිණියද එයද නොහැකිවිම නිසා මන්ත්‍රීවරුන් ගේ වැඩි ඡන්දයෙන් ඔහුගේ පාර්ලිමේන්තු පැමිණිම අද (08) සතියකට තහනම් කෙරුනි.
මෙම කළබගෑනිය නිසා පැය පහකට ආසන්න කාලයක් පාර්ලිමේන්තුව තුළ දැඩි ගෝෂා කිරිම් හා කෑ කෝ ගැසිම් ඇති විය. කතානායකවරයාට පාර්ලිමේන්තුව තුන් වරක් අත්හිටුවිමට මේ නිසා සිදුවිය.
මුලසුනට අවනත නොවු අස්වර් මන්ත්‍රීවරයා සභාවෙන් ඉවත් කිරිම සඳහා 1987 දි පොලිස් නිලධාරින් සභා ගැබට ගෙන්විමෙන් පසු යළිත් පොලිසිය සභාවට ගෙන්විමට සිදුවූයේ ඊයේ දිනයේ දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා ඉවත් කිරිම සඳහා බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
පාර්ලිමේන්තු කටයුතු ඊයේ ආරම්භ වූ අවස්ථාවේදි විමල් විරවංශ මහතා ඇතුළු ඔහුගේ පක්ෂයේ මන්ත්‍රීවරුන් පස් දෙනා වෙනම කණ්ඩායමක් ලෙස පිළිගන්නා ලෙස ජාතික නිදහස් පෙරමුණ කළ ඉල්ලිමට කතානායක කරු ජයසුරිය මහතා සිය තින්දුව ප්‍රකාශ කිරිමෙන් පසු මේ උණුසුම් තත්ත්වය පාර්ලිමේන්තුව තුළ නිර්මානය විය.
විරවංශ මන්ත්‍රීවරයාගේ ඉල්ලිම ප්‍රතික්ෂේප කරමින් කතානායකවරයා තින්දුව ප්‍රකාශ කිරිමෙන් පසු තමන්ට ප්‍රකාශයක් කිරිමට අවස්ථාව දෙන ලෙස විමල් විරවංශ මහතා ඉල්ලා සිටියේය. කතානායකවරයා ඊට අවසර නොදිම නිසා දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රධාන ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සභාවේ කටයුතුවලට බාධා කරමින් මුලසුනට අවනත නොවෙමින් කටයුතු කරන්නට වුහ.
කතානායකවරයා තින්දුවක් ප්‍රකාශයට පත් කළ පසු යළි අදහස් දැක්විමට විවාද කිරිමට ඉඩ දිය නොහැකි බව කරු ජයසූරිය මහතා ප්‍රකාශ කළත් විරවංශ මහතා දිගින් දිගටම ඉල්ලා සිටියේ සිය මතය ප්‍රකාශ කිරිමට ඉඩ දෙන ලෙසය.
මෙට මාගේ අදහස කියන්න ඉඩ දෙන්න. අද බැරි නම් කවදද මට අවස්ථාව දෙන්නේ කියලා කියන්න… යනුවෙන් මන්ත්‍රීවරයා ඉල්ලා සිටියේය. එම අවස්ථාවේදි දිනේෂ් ගුණවර්ධන මහතාද කරුණු ඉදිරිපත් කරමින් විමල් විරවංශ මහතාට කතා කිරිමට අවස්ථාව දිය යුතු බව දැඩිව කියා සිටියේය.
කතානායකවරයා එම ඉල්ලිම ප්‍රතික්ෂේප කිරිම නිසා විමල් විරවංශ, දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් සිය අසුන් මතින් නැගිට ෙ ලැජ්ජයි…. ලැජ්ජයි…. ලැජ්ජ නැති කතානායකවරයෙක්…. යැයි කියමින් ඝෝෂා කරන්නට වූහ.
ෙබොරු කියන කතානායකවරයෙක්…. යැයි කියමින් විමල් විරවංශ, දිනේෂ් ගුණවර්ධන, කෙහෙළිය රwුක්වැල්ල, පද්ම උදය ශාන්ත ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු සභාගැබ මැදට පැමිණ කතානායකවරයා ඉදිරියට එද්දි වේත්‍රධාරි අනිල් පරාක්‍රම සමරසේකර, නියෝජ්‍ය වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු සහ සහකාර වේත්‍රධාරි කුෂාන් ජයරත්න යන මහත්වරුන්ද සෙංකෝලය අසලට පැමිණ එය ආරක්ෂා කරමින් එය ඉදිරිපිට සිටගත්හ.
කෙරුණාකරලා ආසනවලට යන්න…. මන්ත්‍රීවරුන් ලෙස හැසිරෙන්න…. යැයි කතානායකවරයා කියද්දි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු ලැජ්ජයි…. ලැජ්ජයි…. කියමින් කෑ ගැසුහ.
කතානායක – ලැජ්ජ වෙන්න ඕනේ මම නොවෙයි… දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා ජ්‍යෙෂ්ඨයෙක් ලෙස ඔබයි ලැජ්ජ වෙන්න ඕනේ. මට මේ සභාවේ කටයුතු කරගෙන යන්න දැන්වත් ඉඩ දෙන්න. ඔබතුමා ආදර්ශවත් වෙන්න. මම මගේ තින්දුව වෙනස් කරන්නේ නැහැ.
සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා – මේ මන්ත්‍රීවරුන් නම් කරලා සභාවෙන් ඉවත් කරන්න….
එම අවස්ථාවේ කතානායකවරයා සභාවේ කටයුතු විනාඩි දහයකට අත් හිටුවා මුලසුනෙන් නැගිට ගියේය. පස්වරු 1.25 ට අත්හිටවු පසුවද පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු සභා ගැබෙහිම රැදි සිටියහ. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද සිය අසුනටවී සිටිනු දක්නට ලැබුනි. දිනේෂ් ගුණවර්ධන මහතා අගමැතිවරයා අසලට පැමිණ සිනාසෙමින් කතා කරමින් සිටියදි සුසිල් පේ‍ර්මජයන්ත, මහින්ද සමරසිංහ යන ඇමතිවරුද සිනාමුසුව එම සංවාදයට එක්වනු දක්නට ලැබුනි.
ජනතා විමුක්ති පෙරමුෙ මන්ත්‍රීවරුද මේ අවස්ථාවේ අශු මාරසිංහ, මුජුබර් රහුමාන්, රවි කරුණානායක, ලක්ෂ්මන් කිරිඇල්ල ඇතුළු එ.ජා.ප මන්ත්‍රීවරුන් සමඟ කතා බහ කරමින් සිටි අතර ඒකාබද්ධ විපක්ෂයේ පද්ම උදයශාන්ත මන්ත්‍රීවරයාද එම අවස්ථාව තම ජංගම දුරකතනයෙන් ජායාරූප ගත කරන අයුරු දක්නට ලැබුනි.
විමල් විරවංශ, කෙහෙළිය රwුක්වැල්ල, විදුර වික්‍රමනායක, සිසිර ජයකොඩි යන මන්ත්‍රීවරුද සභා ගැබෙහි තවත් තැන රැස් වී කතා කරමින් සිටියහ. සභාව යළි පස්වරු 1.45 ට රැස්විනි.
කතානායක – මන්ත්‍රීවරු සියලූ දෙනා තම තමන්ගේ ආසනවලට යන්න. විමල් විරවංශ මන්ත්‍රීතුමාට මම කිහිපවරක්ම කිව්වා බාධා කරන්න එපා කියලා. දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා මට ස්ථාවර නියෝග 74(1) අනුව කටයුතු කරන්න වෙනවා.
මේ අවස්ථාවේ විමල් විරවංශ සහ දිනේෂ් ගුණවර්ධන යන මන්ත්‍රීවරුන් යළිත් නැගි සිටිමින් කරුණු ඉදිරිපත් කරන්නට වූහ.
කතානායක – මට මේ වැඩේ කරගෙන යන්න සහාය දෙනවාද…. දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා මට බාධා කරන්න එපා.
මේ අවස්ථාවේ සභාව තුළ මන්ත්‍රීවරු ඝෝෂා කරන්නට වූහ. දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා ජ්‍යෙෂ්ඨයෙක් නේද යැයි කතානායකවරයා පවසද්දි දිනේෂ් ගුණවර්ධන මහතා කියනු ඇසුනේ කතානායකතුමා පාර්ලිමේන්තුවට ජුනියර් යනුවෙනි.
ලැජ්ජා නැහැ යැයි දිනේෂ් ගුණවර්ධන මහතා පවසද්දි ලැජ්ජාවෙන්න ඕනේ තමුන්නාන්සේ යැයි කතානායකයවරයා කිවේය. ඝෝෂාව අතර සභාවේ කටයුතු කරගෙන යාමට පටන්ගත් අතර මන්ත්‍රීවරුන් දිනට නියමිත පෙත්සම් ඉදිරිපත් කරද්දි යළි විමල් විරවංශ හා දිනේෂ් ගුණවර්ධන යන මන්ත්‍රීවරු ඝෝෂා කරන්නට වූහ.
කතානායක – දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා ආදර්ශමත් වෙන්න…. කරුණාකර අසුන් ගන්න. සභාවට අපහාස වෙන විදියට දිගින් දිගටම ඔබ කටයුතු කරනවා. ඔබ ඉතා පහත් ලෙස මුලසුනට අපහාස කළා. මට නොවේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවටයි ඔබ මේ අපහාස කරන්නේ පාර්ලිම්න්තුවටයි. මම මේ අන්තිම වරට කියන්නේ. අසුන් ගන්න.
දිනේෂ් ගුණවර්ධන මහතා යළි යමක් ආවේගශිලිව කියනු දක්නට ලැබුනි.
කතානායක – ඔබ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කරද්දි තොරතුරු දැන ගැනිමේ පනත ගෙන එන්න තියා මට නැගිටින්නවත් ඉඩ දුන්නේ නැහැ.
දිනේෂ් ගුණවර්ධන මහතා – දැන් කරන්නේ පළිගන්න එකද
කතානායක – දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා සිමාවක් ඇතිව කටයුතු කරන්න විහිළු කරන්න එපා… රටේ ජනතාවට ගරු කරලා අසුන් ගන්න.
මේ අවස්ථාවේ නැගි සිටි පසුපෙළ මන්ත්‍රී හෙක්ටර් අප්පුහැමි මහතා (එ.ජ.ප) කෙතානායකතුමනි මම දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමාව නම් කරන්න කියලා ඉල්ලා සිටිනවා යැයි ප්‍රකාශ කළේය.
කතානායක – මට කණගාටුයි ස්ථාවර නියෝග 74 (1) අනුව මම තිරණයක් ගන්නවා. මට බලපෑම් කරලා තර්ජනය කරලා මාගේ තිරණය වෙනස් කරන්න බැහැ. මම දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීමාව නම් කරනවා. කරුණාකරලා දැන් සභාවෙන් පිටව යන්න.
යෙන්න…. යන්න…. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් කියද්දි දිනේෂ් ගුණවර්ධන මහතා සිය මයික්‍රෆෝනය සොලවමින්  යමක් කීවේය.
ඕක කඩන්න එපා … මේවා මහජන දේපල… අද මේ රැස්විම අවසන් වන තුරු දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවෙන් පිටව යන ලෙස නියෝග කරනවා යැයි කියමින් කතානායකවරයා යළි සභාව පස්වරු 2.10 ට අත්හිටු වීය.
ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු අත්පොලසන් දෙද්දි ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරු දිනේෂ් ගුණවර්ධන මහතාගේ ආසනය ලගට පැමිණ ඒ මහතාව වට කර ගත්හ.
වේත්‍රධාරි අනිල් සමරසේකර මහතා දිනේෂ් ගුණවර්ධන මහතා අසලට පැමිණ සභාවෙන් පිටව යන ලෙස ඉල්ලාසිටියේය. ෙ මට යන්න බැහැෙ අපේ මන්ත්‍රීවරු පනස් දෙකම නම් කරන්න යැයි මේ අවස්ථාවේ දිනේෂ් ගුණවර්ධන මහතා කියනු ඇසිනි.
මන්ත්‍රීවරයා සභාවෙන් ඉවත්ව යන අකාරයක් නෙවිනි. සභාව යළි පස්වරු 2.30 ට රැස්විය.
කතානායක – මම දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමාට සභාවෙන් පිටව යන්න නියෝග කළා. ඒක පිළිගන්න කැමතිද
මේ අවස්ථාවේ වාසුදේව නානයක්කාර මහතා නැගිට යමක් කියන්නට උත්සාහ ගත්තේය.
කතානායක – මම වේත්‍රධාරිතුමාට උපදෙස් දුන්නා දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමාව සභාවෙන් ඉවත් කරන්න කියලා…
(යන්න යන්න මහත්තයෝ පරම්පරාවට අවනම්බු නොකර යන්න යැයි ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු කෑ කෝ ගසන්නට වූහ)
ගත් තීන්දුව ක්‍රියාත්මක කරන්න ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු කියන්දි දිනේෂ් ගුණවර්ධන මනත්තුමාව පොලිසිය කැදවා සභාවෙන් ඉවත් කිරිමට වේත්‍රධාරිවරයාට අවස්ථාව ලබා දෙමින් කතානායකවරයා යළි සභාව පස්වරු 2.40 ට අත්හිටුවනු ලැබීය.
මේ අවස්ථාවේ වේත්‍රධාරි අනිල් සමරසේකර මහතා සභාගැබ අසල නිලධාරි කුටිය වෙත යම් සං ඥාවක් ලබා දුන්නේය. ඉන් මද වේලාවකට පසු විපක්ෂයේ අසුන්වලට පිවිසෙන එක් ෙදාරටුවකින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකු ඇතුළු පොලිස් නිලධාරින් විසි එක් දෙනෙකු සභා ගැබට පැමිණියහ.
කෛා් මේ පොලිසියේ අයගේ නොම්මර තහඩු යැයි පද්ම උදයශාන්ත ගුණසේකර මහතා විමසා සිටියේය. ඔයගොල්ලෝ බලය පාවිච්චි කළොත් අපිත් බලය පාවිච්චි කරනවා. යැයි ඒ අවස්ථාවේදි වාසුදේව නානයක්කාර මහතා කිවේය.
මම මේ පොලිස් නිලධාරින් සම්බන්ධයෙන් වගකිම බාර ගන්නවා. දිනේෂ් ගුණවර්ධන මහතා සිය අසුනේ ඵටි අතර ඔහු අසලට පොලිස් නිලධාරින්ට පැමිණිම වලක්වාලමින් ගිතා කුමාරසිංහ, ශ්‍රීයාණි විජයවික්‍රම යන් මන්ත්‍රීවරියන් දෙපස සිටි අතර අනෙකුත් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ද ඔහු අසල රැදි සිටියහ.
ෙඅපි යන්නේ නැහැ… බලය පාවිච්චි කරන්න…. ඒ අය විපක්ෂයේ ඉදිද්දි අපට කොතරම් බාධා කළත් අපි සභාවට පොලිසිය ගෙන්නුවේ නැහැ යැයි වාසුදේව නානයක්කාර මහතා කීවේය. පොලිසියද ඒ අවස්ථාවේ ඉවත් වෙනු දක්නට ලැබුනි. මේ අතර යළිත් සභාව රැස්විමේ සිනුව නාද වූ අතර යළි සභාව රැස්විය.
කතානායක – කරුණාකරලා යළි ආසනවලට යන්න….
මන්ත්‍රීවරු සියලූ දෙනා යළි සිය ආසන වෙත යනු දක්නට ලැබුනි.
රාවුෆ් හකිම් මහතා – මුලසුන ඉවත් වෙන්න කියලා මන්ත්‍රීවරයෙකුට උපදෙස් දුන්නාම ඒ මන්ත්‍රීවරයා ඉවත් වෙන්න ඕනේ එහෙම නොවුනොත් එය සභාවේ ගෞරවයට හානියක්. මම දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමාට ගරු කරනවා. හැබැයි එතුමා සභාවෙන් ඉවත් වෙන්නේ නැතිනම් ඉවත් කළ යුතුයි. එම නියෝගය ආපසු කැදවිමක් මින් පෙර සිදුවී නැහැ.
සභානායක – පොලිසිය ඇවිත් මහා කළබලයක් විම වැලක්විම සඳහා අපි යෝජනවාක් ගේනවා දිනේෂ් ගුණවර්ධන මහතාට පාර්ලිමේන්තු පැමිණිම සතියක් තහනම් කරන්න කියලා.
එහිදි නැගි සිටි බන්දුල ගුණවර්ධන හා විමල් විරවංශ යන මන්ත්‍රීවරු යෝජනාවට ඡන්දයක් අවශ්‍ය බවත් එය නමින් විමසිය යුතු බවත් ඉල්ලා සිටියේය.
ඒ අනුව ඡන්දය විමසු අතර යෝජනාවට පක්ෂව ඡන්ද 85 ක්ද, විපක්ෂව ඡන්ද 22 ක්ද ලැබිනි. මන්ත්‍රීවරුන් 114 ක් සභාවෙහි නොසිටි අතර ජවිපේ මන්ත්‍රිවරු ඡන්දය විමසිමෙන් වැලකි සිටියේය. දිනේෂ් ගුණවර්ධන මහතාගේ පාර්ලිමේන්තු සේවය සතියකින් අත්හිටුවන බව කතානායකවරයා නිවේදනය කරද්දි ආණ්ඩ පක්ෂ මන්ත්‍රීවරු අත්පොලසන් දුන් අතර ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු කෑ කෝ ගසමින් සභාවෙන් පිටව ගියහ.
අගමැති – අද සභාවේ සිදුවූ දේ ගැන කණගාටු වෙනවා. මේදෙයින් ඔප්පු වුනේ විමල් විරවංශ මන්ත්‍රී×රයා ස්වාධින නැති බවයි. ඔහු සන්ධානයේ කොටසක් සමගයි එකට වැඩ කළේ… ඔහුව දැන් ස්වාධින හැටියට පිළිගන්න එපා…
ඉන් පස සභාවේ කටයුතු ආරම්භ කෙරුනි.

t

o

p