අධිකරණය දැන් ස්වාධිනයි දෙමුහුන් උසාවි රටට එපා – අගමැති

March 4, 2017

ශ්‍රී ලංකාවේ යුධ අපරාධ සිදු වී ඇති දැයි සෙවිමට දෙමුහුන් අධිකරණයක් හෙවත් හයිබ්‍රිඩ් අධිකරණයක් හැදීම ප්‍රායෝගිකව කළ නොහැකි දෙයක් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී ඊයේ (03) ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය කෙරෙහි ජාත්‍යන්තර විශ්වාසය ගොඩනැංවෙනවා නම් දෙමුහුන් අධිකරණයක අවශ්‍යතාවය පැන නැගෙන්නේ නැතැයිද අගමැතිවරයා වැඩිදුරටත් සදහන් කළේය.

කොළඹ අලුත්කඩේ උසාවි සංකිරණයේ දි ඊයේ පැවැති ජාතික නීති සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ කරුණු ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ප්‍රශ්න විසදීම සදහා දෙමුහුන් අධිකරණයක් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙන් යෝජනා කෙරුණේ මෙරට අධිකරණ පද්ධතිය පිළිබදව ජාත්‍යන්තර විශ්වාසය පළුදු වී තිබු නිසා බව සිහිපත් කළ අගමැතිවරයා මේ වන විට පැවැති තත්ත්වය ශුභවාදී අතට හැරී ඇති බැවින් දෙමුහුන් අධිකරණ වෙනුවට විකල්ප පිළිබදව තීරණය කළ යුතුව ඇති බවද පැවසීය.

අධිකරණයට එදා අත පෙවිම් පැවැති නිසා මෙරට අධිකරණ පද්ධතිය ජාත්‍යන්තරයෙන් කොන් වූ බවද ඒ මහතා පෙන්වා දුන්නේය. නමුත් අගවිනිසුරුවරයා පත් කළ ආකාරයෙන්ම අධිකරණයේ ස්වාධිනත්වය ඔප්පු කෙරුණු බවද අගමැතිවරයා කීවේය. අධිකරණයේ ස්වාධිනත්වය දැන් මුළු ලෝකයම පිළිගන්නා බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

දැන් රටට අවශ්‍යව ඇත්තේ නව ව්‍යවස්ථාවක් බව පැවසු අගමැතිවරයා සියලු දෙනාගේම එකමුත්වෙන් සැවොම පිළිගන්නා ව්‍යවස්ථාවක් එළි දක්වමු යැයිද කීවේය.

අධිකරණ හා බුද්ධ ශාසන් ඇමති විජයදාස රාජපක්ෂ, අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

t

o

p