ඕස්ට්‍රේලියාව පැමිණෙන අගමැතිට විරෝධය පළ කිරීමේ සූදානමක්

February 12, 2017

නිල සංචාරයක් සඳහා ඕස්ට්‍රේලියාවට පැමිණෙන ශ්‍රී ලංකා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු නියෝජිත පිරිසට විරෝධය පළ කිරිම සඳහා විරෝධතා ව්‍යාපාරයක් පැවැත්විමට දෙමළ හා සිංහල සංවිධානයක් විසින් කටයුතු යොදා ඇති බවට එරට ආරංචි මාර්ග සඳහන් කරයි.
දෙමළ ජනතාවගේ අවශ්‍යතාවයන් වත්මන් ආණ්ඩුව ඉටු නොකරන බව පවසමින් එල්.ටි.ටි.ඊ දෙමළ ඩයස්පෝරාවට හිතවත් කණ්ඩායමක් විසින් විරෝධතා ව්‍යාපාරයක් පවත්වද්දි සිංහල සංවිධානයක් විසින් වත්මන් රජය රට බෙදන වැඩපිළිවෙලක සිටිනා බව කියමින් විරෝධතාවයක් පැවැත්විමට සැලසුම් කර ඇති බවට වාර්තාවේ.
ඒකාබද්ධ විපක්ෂයේ අවශ්‍යතාවය මත සිංහල සංවිධානය විසින් මෙම විරෝධතා ව්‍යාපාරය සංවිධානය කර ඇති බවට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. එසේ වුවද ඕස්ට්‍රේලියාවේ අනෙකුත් සිංහල සංවිධාන විසින් මේ පිරිසගෙන් ඉල්ලා ඇත්තේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයෙකු පළමුවරට ඕස්ට්‍රේරලියාවේ පැමිණෙද්දි මෙලෙස විරෝධතා පැවැත්විම රට ලැජ්ජාවට පත් කිරිමක් බවයි.
මේ අනුව සිංහල සංවිධානය විසින් පැවැත්විමට සංවිධානය කර තිබු විරෝධතාවය අවලංගු කර ඇතැයිද දැනගන්නට ඇත. අගමැතිවරයා මෙල්බරන් නුවර හා කැන්බරා නුවර සංචාරය කරනු ලබයි

t

o

p