පාසැල් රාජකාරී පැහැර හරින ගුරුවරුන්ට එරෙහිව දැඩ නිති රිති සකස් කරනවා

October 27, 2016

ගුරුවරුන් පාසැල් රාජකාරි පැහැර හරිමින් උපකාරක පන්තිවල උගන්වන්න යන්නේ නම් ඔවුන්ට එරෙහිව දැඩ නිති රිති සකස් කරන බව අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (26) ප්‍රකාශ කළේය.
එක්සත් ජාතික පක්ෂ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා මතු කළ වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව සඳහන් කළේය.
විසි දහසක ගුරු හිගයක් අද පාසැල් තුළ පවතින බව කී ඇමතිවරයා පාසල්වල ගුරුවරු ඉගැන්වීමේ කටයුතු සිදු නොකර උපකාරක පන්තිවල ඉගැන්වීම් කරන බවද කීවේය. මෙය නතර කිරිම සඳහා ඉදිරියේදි තදින් නිති රිති ගෙන එන බවද ඇමතිවරයා ප්‍රකාශ කළේය.

t

o

p