සාක් සමුළුව කල් යයි

October 1, 2016

19 වන සාක් සමුළුව දින නියමයක් නොමැතිව කල් දැමීමට මෙවර එහි සත්කාරක රට වන පාකිස්තානය තීරණය කර තිබේ.

සමුළුව පැවැත්වෙන නව දිනය ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බව පාකිස්තාන විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.

පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර දී ලබන නොවැම්බර් මස 9 වන දා 19 වන සාක් සමුළුව පැවැත්වීමට නියමිතව තිබුණි.

ඊට සහභාගි නොවන බව ඉන්දියාව ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය සහ භූතානය ද සමුළුවට සහභාගි විය නොහැකි බව සාක් සංවිධානයේ වර්තමාන සභාපති ධුරය හිමි නේපාලයට දැනුම් දී තිබේ.

ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය ද සදහන් කලේ සාක් සමුළුව පැවැත්වීමට සුදුසු පසුබිමක් මේ වන විට නොමැති බව යි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p