නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මේ වසර අවසන්වීමට ප්‍රථම

September 8, 2016

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරිම වෙනුවෙන් ස්ථාපිත කළ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ කමිටු වාර්තාව මෙම වසර අවසන්වීමට ප්‍රථම රටට ඉදිරිපත් කිරිමට බලාපොරොත්තු වන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (07) ප්‍රකාශ කළේය.
අය වැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට ප්‍රථම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ වාර්තාව ඉදිරිපත් කිරිමට හැකියාව ලැබෙනු ඇතැයි තමා විශ්වාස කරන්නේයැයිද අගමැතිවරයා කීවේය.
මෙම වාර්තාව ලබාදීමෙන් පසුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සැකසීමේ ඵන වකවානු තීරණය කළ හැකි බවද අගමැතිවරයා ප්‍රකාශ කළේය.
එක්සත් ජනතා නිදහස් සන්ධාන කොළඹදිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා අගමැතිවරයාගෙන් ප්‍රශ්න විමසන පැයක කාලය තුළදි ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා මේ බව කීවේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p