ඇමරිකානු ජනාධිපති මැතිවරණය හා ශ්‍රී ලංකාව

September 1, 2016

ඇමරිකානු ජනාධිපතිවරණය ලබන නොවැම්බර් මැසයේදී පැවැත්වීමට නියමිතය. මේ සඳහා ප්‍රධාන අපේක්ෂකයන් වශයෙන් හිලරි ක්ලින්ටන් හා ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වන විටත් සිය මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කර තිබේ.
ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් පක්ෂ දෙකම මෙම ජනාධිපතිවරණය ජයග්‍රහණය සඳහා පෙළගැහෙමින් තම මැතිවරණ ව්‍යාපාරය ශක්තිමත් කරමින් සිටී. විශේෂයෙන්ම ඇමරිකානු මැතිවරණ ක්‍රමයට අනුව පක්ෂ අභ්‍යන්තරයේ පවත්වන ප්‍රාථමික මැතිවරණයක් හරහා තම අපේක්ෂකයා තෝරාගනු ලබන අතර පසුගිය මාස කිහිපයේම හිලරි සහ ට්‍රම්ප් ප්‍රාථමික මැතිවරණ අභියෝගය ජය ගැනීමට උත්සාහ කරමින් අවසන් ප්‍රතිඵලය ලෙස ඔවුන් දෙදෙනා නොවැම්බර් මාසයේදී තරඟ කරනු ඇත.
මෙහි විශේෂත්වය වන්නේ ඇමරිකානු මැතිවරණ ඉතිහාසයේ ප්‍රථම වතාවට කාන්තාවක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමයි. ඒ ඩිමොක්‍රටික් පක්ෂය වෙනුවෙන්ය. එය හිලරි ක්ලින්ටන්ට ලැබී ඇති විශේෂ අවස්ථාවකි.
ඇමරිකානු මැතිවරණ ක්‍රමය හා පිළිවෙල අනුව ජනාධිපතිවරණයේදි මෙම පක්ෂ දෙක අතර වරින් වර ප්‍රතිඵලය දෝලනය වී තිබේ. පසුගිය වසර අටේ ජනාධිපතිවරණයෙන් ජය ගෙන ඇමරිකාව පාලනය කලේ ඩිමොක්‍රටික් ජනාධිපතිවරයෙකු වන බැරක් ඔබාමාය. ඊට පෙර රිපබ්ලිකන් ජනාධිපතිවරයෙකු වූ ජෝර්ජ් බුෂ් වසර 8 ක් රට පාලනය කළේය.
ඉතිහාසය දෙස බැලීමේදී මාරුවෙන් මාරුවට මෙම පක්ෂ දෙක සැමවිටම ජය ගෙන ඇති බව පෙනේ. එවන් පසුබිමක මෙම ජනාධිපතිවරණය විශ්ලේෂණය කරන්නේ නම් ජය යා යුත්තේ රිපබ්ලිකන් අපේකෂක ඩොනල්ඩ් ට්‍රම්ප් වෙතය. එහෙත් ප්‍රථම වතාවට කාන්තාවක් ඉදිරිපත් විම නිසා ඇමරිකානු ජනතාව වෙනස් කෝනයකින් මේ දෙස බලන බව ජනමත විමසුම අනුව පෙනේ. ඩොනල්ඩ් ට්‍රම්ප් හිතුවක්කාර සහ දැඩි මතධාරියෙකු වශයෙන් දැනටමත් ප්‍රසිද්ධය.
මේ සියලූ සාධක හරහා ජනාධිපතිවරණයෙන් පසුව එය ශ්‍රී ලංකාවට බලපාන්නේ කෙසේද යන්න විමසා බැලීම සුදුසුය. හිලරි ක්ලින්ටන් බැරැක් ඔබාමා පාලනයේ ඇමරිකානු රාජ්‍ය ලේකම්වරිය වශයෙන් මුල් වසර හතරේ සේවය කළේය.
එම කාල සිමාව තුළ ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගැටුම්වලට ඇය සෘජු ලෙසට මත ප්‍රකාශ කළ බව මාධ්‍ය වාර්තාවල පල වී තිබුනි. විශේෂයෙන්ම ඇය L . T . T . E   හිතවත් දැක්මකින් ක්‍රියාකළ බව පැහැදිලිය. එසේවුවද පසුගිය ජනාධිපතිවරණයෙන් පසු ශ්‍රී ලංකාවේ ඇති වූ දේශපාලන වෙනස්කම් ඇමරිකාව සතුටට පත්ව ඇති බවක් පෙනේ.
එනම් ඇමරිකානු සහකාර ලේකම්වරියක් වන නිෂා බිස්වාල් මහත්මිය පසුගිය වසර 1 1/2 තුළ හය වතාවක්ම ශ්‍රී ලංකාවට පැමිණ ඇමරිකානු මතය ක්‍රියාවලට නැංවීමට අප බලධාරින් මෙහෙයවීමට උත්සාහ කළ බව අමතක නොකල යුතුය.
හිලරි ක්ලින්ටන් ජයගත හොත් එම ඇමරිකානු දැක්ම තව තවත් දැඩි ලෙස මෙහෙය වීමට උනන්දු වනු ඇති බව අප තේරුම්ගත යුතුය. ඩොනල්ඩ් ට්‍රම්ප් ශ්‍රී ලංකාවේ ප්‍රශ්න සම්බන්ධයෙන් කිසිදු සෘජු අදහසක් මෙතෙක් ප්‍රකාශ කර නොමැත. ඔහු ස්වදේශවාදී අයෙකි. ඔහුගේ දැඩි මතය නිසාම ඇමරිකානු සම්බවයක් ඇති සමහර අය ඔහුට නොරිස්සන බව පැහැදිලිව පෙනේ. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඉදිරි පියවරයන් පැහැදිලි කර ගැනීමට තවමත් අවස්ථාවක් නොමැත.
ඇමරිකානු මැතිවරණයෙන් කවුරු දිනුවත් අප තේරුම් ගත යුතු වන්නේ අපෙග් ප්‍රශ්න අප විසදා ගැනිමේ ප්‍රතිපත්තියක. පිහිටුවා සිටීමයි. එය එසේ නොවුන හොත් ඉදිරි කාල සීමාව තුළ දැඩි ඇමරිකානු බන්ධනයකට අප යටත් වනු ඇත.

තිස්ස අත්තනායක

Sammy

Previous story Next story

Leave a comment

t

o

p