කුසල්ට ICCයෙන් වන්දි ගෙව්වා ද ?

August 24, 2016

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි පිතිකරු කුසල් ජනිත් පෙරේරාට පනවා තිබූ තරග තහනම පිළිබඳව පසුගිය දිනවල බොහෝ සෙයින් කතාබහට ලක් වුණා.

ඒ එම තරග තහනම පැනවීමට හේතු වූ තහනම් උත්තේජක චෝදනාව පදනම් විරහිත බවට ඔප්පු වීමත් සමග යි.

මේ සම්බන්ධයෙන් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් වන්දි මුදලක් අය කරගන්නා බවට ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළා.

නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් මේවන තුරුත් එවැනි ඉල්ලීමක් සිදු කොට නොමැති බව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය පවසනවා.

කෙසේ වෙතත් මේ පිළිබඳව වාර්තා කරන විදෙස් මාධ්‍ය පවසා ඇත්තේ කුසල් ජනිත් පෙරේරාට එල්ල වුණු තහනම් උත්තේජක චෝදනාව සහ එම නිසා පැනවූ තරග තහනම පිළිබඳව ඉදිරියේ දී පියවර ගන්නා බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ පෙළේ නිලධාරියෙකු ප්‍රකාශ කළ බව යි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p