පාද යාත්‍රාව අවසානය කොතනද බුද්ධි අංශ පවා නොදනි

August 1, 2016

ජන සටන පාද යාත්‍රාවේ අවසන් රැළිය පවත්වන්නේ කුමන ස්ථානයේද යන්න පිළිබඳව සොයා ගැනීමට රාජ්‍ය බුද්ධි අංශය අසමත්ව ඇතැයි දැනගන්නට තිබේ.
පාද යාත්‍රාව අවසන් කරන ස්ථානය සොයා ගැනිම සඳහා රාජ්‍ය බුද්ධි අංශ දැඩි වෙහෙසක් ගත්තද අද (01) දහවල් වන විටත් ඔවුන්ට එය සොයා ගැනිමට නොහැකි වී ඇත.
ඔවුන් අනුමාන කරමින් වාර්තාවක් රජයට බාර දී ඇත්තේ ජන සටන පාද යාත්‍රාවේ අවසන් ස්ථානය නිදහස් චතුරශ්‍රය හෝ ලිප්ටන් වටරවුම වේවි කියාය.
ජන සටන පාද යාත්‍රාව කිරිබත්ගොඩ නගරයෙන් අද පෙරවරුවේ ආරම්භ කෙරුණු අතර මේ වන විට එය කොළඹට සේන්දු වෙමින් සිටියි.

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p