පාද යාත්‍රාවෙන් බණ්ඩාරනායක සමාධියට ගෞරව

July 31, 2016

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘවරයෙකු වන එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක සමාධියට ගල් ගසයි යනුවෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිනිය සිතීම වැරදි සහගත බව නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන ජන සටන පාද යාත්‍රාව හොරගොල්ල, බණ්ඩාරනායක සමාධිය අසළට ළඟා වූ අවස්ථාවේදීය.

හොරගොල්ල, බණ්ඩාරනායක සමාධිය අසළින් පාද යාත්‍රාව ගමන් කරද්දී සටන් පාඨ නවතා, කොඩි පහත් කර, හිස් වැසුම් ගලවා නිහඬව ගමන් කිරීමටද පිරිස කටයුතු කර තිබේ.

මෙහිදී අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේ “රජය අපට කොතරම් බිය වෙලාද කියනවානම් කොළඹ, යුනියන් පෙදෙසේ පිලිප් ගුණවර්ධන පිටියේ (හයිඩ් පිටිය) රජයේ වියදමින් වළවල් හාරනවා” යනුවෙනි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p