දරුවන් 50කට පියකු වූ සංඝ පිතෘ වහන්සේ

July 27, 2016

රංගිරි දඹුලු විහාරස්ථ උයන්වත්ත පුරාණ පන්සලේ ආරම්භ කර ඇති ශ්‍රී ජිනරතන සාමණේර භික්ෂු පුහුණු මධ්‍යස්ථානයේ සහ ළමා සුරැකුම් මධ්‍යස්ථානයේ ගිහි පැවිදි කුඩා පිරිමි දරුවන් 50ක් පමණ දෙනකු දුෂ්කරතා රැසක් මධයේ ආදරය කරුණාව ඇතිව දහම් අධ්‍යාපනය ලබමින් සිටිති .

කර්මාචාර්ය විහාරාධිපති පුජ්‍ය හල්මිල්ලවැවේ පේමරතන හිමි යෝ මේ සියලු දෙනාට පියකු මෙන් පිහිට වෙති .මේ සියලු දෙනා ද උන් වහන්සේට අසීමිත ලෙස ආදරය කරති .මෙහි සිටින බොහෝ දරුවන්ට මව හෝ පියාගේ ආදරය රැකවරණය නොමැති දරුවෝ වෙති .පැවිදි වී සිටින කුඩා සාමනේර හිමිවරුන්ද ආර්ථික දුෂ්කරතා ඇති පවුල්වල ජාති ආගම් කුල භේදවලින් තොර අය වීම විශේෂතවයකි .

මෙහි සසුන් ගතවී සිටින කුඩා හිමිවරුන් 50ක පමණි .දැනට මෙහි නේවාසිකව අධ්‍යාපනය ලබන 20ක් පමණ හිමිවරු සිටිති ,සෙසු පිරිස අවට විහාරත්ඨාන වල වැඩසිටිමින් ජනතාව වෙනුවෙන් බුදු දහම වෙනුවෙන් සිය සේවාව ඉටුකරමින්සිටිති ,

ළමා සුරැකුම් මධ්‍යස්ථානයේ දරුවන් 20ක් පමණ සිටිති .මේ දරුවන්ට දිනපතා ආහාර හා අනෙකුත් දේ සපයා දෙනුලබන්නේ පන්සලේ වැඩසිටින කුඩා හිමිවරුන් පිණ්ඩපාතය කර ලැබෙන දෙයින් වීම විශේෂත්වයකි ,දායකයන් හා තවත් කීපදෙනකු මේ පිරිසට ආධාර උපකාර කල බවද විහාරාධිපති පුජ්‍ය හල්මිල්ලවැවේ පේමරතන හිමියෝ පවසති .

උන් වහන්සේ සමග ඉතා ලෙන්ගතු කමින් මව් සෙනෙහසත් පිය සෙනෙහසත් පෙමරතත හිමියන්ගෙන් සියලු දෙනාට ලැබෙති ,එහෙත් මේ පුංචි දරුවන්ට පුංචි හිමි වරුන්ට ඔබේ සහයෝගයක් ලේබෙනවානම් එය ඔවුන්ගේ සතුටට එකතුවනු ඇති බව එහි ගිය අපට පසක් විය ,

තමන් සිදුකල හා සිදු කරගෙන යන සුවිශාල කාර්ය ගැන විහාරාධිපති පුජ්‍ය හල්මිල්ලවැවේ පේමරතන හිමි යෝ මෙසේ පැවසුහ .

1993 වසරේ තමයි මම සාමනේර භික්ෂු පුහුණු මධ්‍යස්ථානය ආරම්භ කලේ ඒ මේ රටේ භික්ෂු පරපුර අඩුවෙමින් යනවා අපේ සසුනට දරුවන් දෙන්න දෙමාපියන්ට දරුවෝ නෑ .දානයකට හාමුදුරුවරු සොයන්න පන්සල් ගානේ යන්න ඕනේ .ඒ ගියාම පන්සලේ බුදු ගෙට බුද්ධ පුජාව තියන්න කෙනෙක් නෑ ,එන දායකයෝ කලකිරෙනවා ,ඒ නිසා ජාති ආගම් කුල භේදවලින් තොර දරුවන් පැවිදි කිරීමට මට අපේ මහානායක හාමුදුරුවෝ ඉනාමළුවේ සුමංගල හිමියෝ අවසරය දුන්න්නා .

ඒ අතර තුරදී අම්මා තාත්තා නැති පුංචි දරුවන් පන්සලට ගෙනත් දෙන්න පිරිස පුරුදු උනා ,මම මේ දරුවන්ටත් කන්න බොන්න දීලා අධ්‍යාපනය දුන්නා ,පස්සේ ළමා ආරක්ෂණ අධිකාරියෙන් ඉල්ලීමක් කරලා පිරිමි ළමානිවාසයක් ආරම්භ කළා .නිවාසයක් උනාට අයට  මේ දරුවන්ට හොද නරක කියලදිලා එපිරිස රටට වැඩදායි පුරවැසියන් කිරීම තමයි අරමුණ .පුංචි හාමුදුරුවරු පිණ්ඩපාතේ වැඩලා මේ සියලු දෙනා මම ඇතුළුව ආහාර සපයාගන්නවා ,මේ අයට අඩුපාඩුකම් ගොඩක් මෙතන තියනවා ,මේ හැමෝගෙම තාත්තා වගේ සමසේ සියල්ල බෙදලා දෙනවා ,

මට අද සතුටුයි අපේ ජනතාවගේ දාන ගෙවල් වලට අද හාමුදුරුවරු 50ක් ඉල්ලුවත් දෙන්න පුළුවන් ,මේ අයගේ අධ්‍යාපනය ඇදුම් පැළදුම් වගේම දරුවන්ට සෙල්ලම් බඩු ටිකක් දෙනවානම් හොදයි .

මේ ස්ථානයට උදව් කරන්න කැමති අය වෙතොත් කර්මාචාර්ය විහාරාධිපති පුජ්‍ය හල්මිල්ලවැවේ පේමරතන හිමි උයන්වත පුරාණ පන්සල දඹුල්ල අධ්‍යක්ෂක ශ්‍රී ජිනරතන සාමනේර භික්ෂු පුහුණු ආයතනය හා ළමා සුරැකුම් මධ්‍යස්ථානය දඹුල්ල දුරකථන 0662284882 ජංගම 0777293878

කොමර්ෂල් බැංකුව දඹුල්ල ශාකාව ගිණුම ශි ජිනරතන භික්ෂු පුහුණු ආයතනය ගිණුම් අංකය 8540006741

-කාංචන කුමාර ආරියදාස

Sammy

Previous story Next story

Leave a comment

t

o

p