ජනවාරි 08 විප්ලවයට වැඩියෙන්ම දායක වුනේ මුස්ලිම්වරුන්.. මා මුස්ලිම් අයිතිය වෙනුවෙන් පෙනී සිටිනවා..

January 25, 2016

තමන් මුස්ලිම් අයිතින් වෙනුවෙන් පෙනී සිටින්නේ යයි ඇමති රාජිත සේනාරත්න මහතා අලූත්ගමදී පැවති ජනහමුවක් අමතමින් කියා සිටියේය.

එදා භික්‍ෂූන් වහන්සේලා විසින් මුස්ලිම් ජාතිකයින්ගේ කෑම වට්ටෝරුව ගැන තීරණ ගත්තද අද එසේ කරන්න කාටවත් බැරි බවද ඇමතිවරයා පැවසීය.

2015 ජනවාරි 8 වූ වෙනසට මෙරට ජාතියක් ලෙස වැඩියෙන්ම දායක වූයේ මුස්ලිම් ජනයායි. එදා රට ආරක්ෂා කරනවා කිවුවේ රාජපක්ෂලා ආරක්ෂා කරන එකටයි. ඒත් අද යහපාලන රජය ජනතාව ආරක්ෂා කරනවා. අපි සුදුවෑන් යුගය අවසන් කලා. ජාතික සමගිය අවශ්‍ය නම් මහින්ද රාජපක්ෂ පරාජය කළ යුතුයි යන්න අපි සිතුවා.

ඉදිරියේදී ව්‍යවස්ථා වෙනසකින් සිංහල, දෙමළ, මුස්ලිම් ජනයාගේ අයිතිවාසිකම් ආරක්ෂා කර දෙනවා’

Sammy

Previous story Next story

Leave a comment

t

o

p